Author: LFN
නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව එළැඹෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය. කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවසීය. “නාඩු හිඟයක් වෙළෙඳපොළේ තියෙනවා. මිල පිළිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා. නිෂ්පාදනය පැත්තෙන් බැලුවහම අවශ්‍ය ප්‍රමාණයට නාඩු සහල් තියෙන්න ඕනේ. නමුත් වෙළෙඳපොළට ඇවිල්ලා නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි පිටරටින් අපි හාල් ගේනවා. ඉන්දියාවෙන් ගේනවා. ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යංශ දෙක ඒකාබද්ධ කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා. කාටවත් මේක ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ. අපි ප්‍රශ්නේ විසඳනවා. අතරමැදියන්ට අපි ගසා…
ශීත සෘතුවත් සමඟ මේ වන විට ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබේ. ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයිෙ. කෙසේ නමුත් මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය වීම ආරම්භ වී තිබේ. ඒ අනුව ප්‍රංශයෙන් ද මේ වනවිට වාර්තා වන්නේ හිම පතනය සහිත අධික ශිත කාලගුණයක්. හිම පතනය හේතුවෙන් ප්‍රංශයේ වීථි සහ පදිකවේදිකා හිමෙන් වැසී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් පැරිස් අගනුවර ඇතුළු නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව…
2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසා දැමීම පුදුමය දනවන්නක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් කියා සිටියේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද ? නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි. කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වෙනිදා මහර උද්ඝෝණයක් කළ මහර බන්ධනාගාරයේ රැඳවියන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණි. එම රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ,…
පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි. අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති…
දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර ඇත. ලබන 25 වැනි සදුදා පෙ.ව 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය…
අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව රජය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) පස්වරුවේ මේ බව සඳහන් කර තිබුණි. මේ අතර තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණි. ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වුණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වන බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙසය. ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය කරයි. නොවැම්බර් මාසයට අදාළව එම මුදල් බැංකු ගත කර ඇති අතර, අද (22) සිට එම මුදල් බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 511,086කට මෙම දීමනාව ගෙවනු ලබන අතර මේ මාසය සඳහා රු 1,533,258,000ක් ඒ වෙනුවෙන් වෙන්කර ඇත.
ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට අද (22) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට…