Author: LFN
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකායෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ. ඒ අනුව මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළේය. ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා මේ බව පැවසීය. “ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු…
මැතිවරණ කොමිෂන් සභාව යළි මෙම සතියේ රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ කොමිසම රැස්වනු ඇත. මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව ද මෙය වේ. විශේෂයෙන් මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කළේය. එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව තිබේ. මැතිවරණය…
බදුල්ල – බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශය වාහන ධාවනය සීමා කර තිබේ. ඒ අනුව අදාළ මාර්ගය අද (25) උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා විවෘත කරන අතර සවස 6.00 සිට හෙට (26) උදෑසන 6.00 දක්වා මාර්ගය වසා තැබීමට නියමිත බව පොලීසිය දැනුම් දී ඇත. අදාළ මාර්ගයට ඉහළින් ඇති කන්ද නායයෑම හේතුවෙන් 2024.11.18 වන දින සිට රථවාහන ගමනාගමනය නවතා තිබුණි. පසුව ඊයේ (24) දිනයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා විසින් එම ස්ථානය පරීක්ෂාවට ලක්කර ඇත. පවතින කාලගුණික තත්ත්වයන් අනුව මාර්ගය විවෘත කරනු ලබන වේලාවන් වෙනස් විය හැකි බවට වැඩිදුරටත්…
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ඊයේ (24) පැවැ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගත්තේය. ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකටද, වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටද අලෙවි විය. එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදී පැවැත්වේ.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය (25) ආරම්භ වන අතර, මෙය විභාග මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වීමට නියමිතව ඇත. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රවේශ පත්‍රයේ ඇති අපේක්ෂකයාගේ අත්සන, සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තහවුරු කරගෙන, වලංගු අනන්‍යතා පත්‍රයක් සහිතව විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවය. උසස් පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 333,185ක් සුදුසුකම් ලබා සිටින අතර ඉන් 253,390 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වේ. සෙසු 79,795 දෙනා පෞද්ගලික අපේක්ෂකයන්ය. දින 22ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වාදී ඇත. එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාය.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය අද උදෑසන 2.30 පමණ වනවිට මඩකලපුවට කී.මී. 500ක් පමන දුරින් ගිණිකොන දෙසින් පිහිටි ඇත. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකිය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු කහතුඩුව, මීරිගම සහ කටුනායක යන ප්‍රදේශවලින් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි තුනක් සොරකම් කර ඇති බවය. එමෙන්ම සැකකරු සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලීසිය සොයාගෙන තිබේ. සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදි ආඬිඅම්බලම ප්‍රදේශයේ ස්ථාන දෙකකට රුපියල් ලක්ෂ එකහමාරකට උකස් කළ බවය. ඒ අනුව උකස් කළ යතුරුපැදි පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සැකකරු විසින් යතුරුපැදි උකස් කර ලබාගත් මුදල් අනියම් බිරිඳ සමග කල්ගත කිරීමට භාවිත කර තිබූ බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවය. කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.