Author: LFN
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශ්වකාර ආයතන වෙත අදාළ මාර්ගෝපදේශ මේ වන විට නිකුත් කිරීමටද කටයුතු කර තිබේ. එමෙන්ම යම්කිසි දරුවෙකුට මුහුණදිය හැකි බාධා මග හරවා ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් ද ස්ථාපිත කර තිබේ. ඒ අනුව යම් ආපදාවකදී විභාගයට බාධාකාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සඳහා හදිසි ඇමතුම් අංක…
කුවේට් රාජ්‍යයේ සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32ක් මෙරටට එවා තිබේ. ඔවුන් ඊ (25) පස්වරුවේ කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම සිරකරුවන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි අය බව වාර්තා වෙයි. ඔවුන් මෙරටට එවා තිබුණේ කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේය. මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත්කර, වැරදිකරුවන් වූ පිරිසකි. අදාළ සිරකරුවන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක…
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට ඊයේ (25) පස්වරු 9.00 සිට අද පස්වරු 9.00 දක්වා ක්‍රියාත්මක බවය. බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, හාලිඇල, මීගහකිවුල, බදුල්ල, ලුණුගල, ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, ඇල්පිටිය, නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, හගුරන්කෙත, වලපනේ රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දි ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ චීන උප අමාත්‍යවරිය එම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චිනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ. චීනයේ මෙන්ම…
තද වැසි පිලිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (26)පෙ.ව. 04.30 ට නිකුත් කරන ලද එම නිවේනදය ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි නිකුත්කර ඇත. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මී.මී. 100ක පමණ තද වැසි ඇතිවේ. මේ අතර ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191ක් වේ. අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලීමීටර්…
දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වනවිට ත්‍රිකුණාමලය කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබේ. එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර…
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, ආරක්ෂක අමාත්‍යංශයේදීයි. එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්ව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ යම්කිසි අධ්‍යනයකින් පසුව බවත් එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමක් බවයි. පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පැවසිය. මෙලෙස අවාසනාවන්ත ලෙස ධීවර යාත්‍රාව පෙරළි මරණයට පත්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි රනිල් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු හා ඔහුගේ වැඩිමහල් දියණිය වන 18 හැවිරිදි නිලුෂා නෙත්මි ප්‍රනාන්දු බව පොලිසිය කියයි. විදේශ රටක සිට පැමිණි කතෝලික ඥාති පියතුමකු සමග කලපුවේ ගිලි මරණයට පත්වු පියා හා දියණීය ඇතුළු පවුලේ හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් ඉස්සන් බෝට්ටුව නමින් ප්‍රසිද්ධ කුඩා ධීවර යාත්‍රාවක නැගි කලපු සංචාරයක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස යාත්‍රාව පෙරළි යාමේන් දියේ…
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. “රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නෑනේ..එතුමා ආවහම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.” කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජකරුණා මහතා පැවසුවේ සියලුම දක්ෂිණාංශික බලවේග සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි. “රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපි විශ්වාස කරනවා මේ දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යුඑන්පි යේ සියලුදෙනාමත් මේ සජබය සමග එකතු වෙලා මේ බෙදීම නැතිකරලා අපි ඉදිරියේදී එකම වැඩසටහනකට ඉදිරිපත්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය. ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.