Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි

    By LFNNovember 26, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තද වැසි පිලිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

    අද (26)පෙ.ව. 04.30 ට නිකුත් කරන ලද එම නිවේනදය ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි නිකුත්කර ඇත.

    උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

    පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මී.මී. 100ක පමණ තද වැසි ඇතිවේ.

    මේ අතර ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191ක් වේ.

    අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලීමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

    උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11:30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290ක් සහ ත්‍රිකුණාමලයට කී.මී. 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණි.

    එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.