Author: LFN
E8 විසා ක්‍රමය යටතේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිස අද (24) අලුයම වන විටත් එම ස්ථානයේම රැඳී සිටි බව වාර්තාවේ. E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් ඊයේ (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි. ඒ තමන්ට කොරියාවේ රැකියා සඳහා වීසා ලැබී ඇතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසැලකිල්ල මත ඒ සඳහා පිටත්ව යාමට නොහැකිව ඇතැයි චෝදනා කරමිනි. අනතුරුව උද්ඝෝෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල පදික වේදිකාවේ තාවකාලික ඉදිකිරීමක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරින් සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන්…
වාහන ආනයනය කිරීමේ රට තුළ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි. ඊයේ (23) කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී ඔහු පැවසුවේ වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරනු ඇති බවය. ප්‍රශ්නය – 2025 වසරේ පෙබරවාරි වනවිට වාහන ආනයන සීමාවන් ලිහිල් කරන බව පසුගිය රජය ප්‍රකාශ කළා. නව රජය ඒ අනුව කටයුතු කළහොත් එය IMF නිර්දේශවලට අනුකූල වෙනවා ද? “මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට…
අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් ජනතාව අතර හමුක් පසුගිය (22) සිදුව තිබේ. ඒ අකුරණ ප්‍රදේශයේදීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ මුස්ලිම් ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවය. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් – අපි කැබිනට් මිනිස්ට්‍රි එකක් ඉල්ලන්නේ ජාති භේදයෙන් නෙමෙයි ඇමති විජිත හේරත් – “එහෙම ඉල්ලන්න එපා. ඒක වැරදියි.” මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් – අපේ ආගමේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කැබිනට් එක දානවා. එතකොට තේරුම් ගන්න කවුරුත් නැහැ සර් ? ඇමති විජිත හේරත් – “නැහැ වැරදියිනේ. 2004 මම කැබිනට් ඇමති. එතකොට මුස්ලිම් දරුවන්ගේ හිජාබ් එකට රෙදි කෑල්ල දෙන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාව දැම්මේ සිංහල මමනේ. මුස්ලිම් ඇමති කෙනෙක්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 56 වියේ පසුවේ. ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීමෙන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ. 1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා…
මෙම වසරේ ගතවූ කාලසීමාව තුල මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ. ධීවර යාත්‍රා 66ක පැමිණි ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම මෙරට ධීවරයන්ගේ ධීවර ගැටලු සඳහා නාවික හමුදාව උපරිම දායකත්වය ලබා දෙන බවද ඔහු පැවසීය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවේ. උතුරු මැද පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය. ඒ සඳහා වන අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි වෙයි. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් පුද්ගලයින්ට දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීම සඳහා ද දෙසැම්බර් මස 15 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු පැවසීය. මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු…
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ. ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බව වේයන්ගොඩ පොලීසිය පැවසීය. එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්ය. මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය…
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ. නමුත් ලබන අවුරුද්දෙ මුල පළාත් පාලන මැතිවරණය.. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා”.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ 3 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (23) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි. ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවද එම නිවේදනයේ සඳහන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෘෘවර් මහතා නායකත්වය දුන් අතර ඔවුන් මෙරට නොවැම්බර් 17 වනදා සිට රැඳී සිටියේය. 2023 මාර්තු…