Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විරෝධතාකරුවන් තවමත් විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල
    Featured

    විරෝධතාකරුවන් තවමත් විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල

    By LFNNovember 24, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    E8 විසා ක්‍රමය යටතේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිස අද (24) අලුයම වන විටත් එම ස්ථානයේම රැඳී සිටි බව වාර්තාවේ.

    E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් ඊයේ (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි.

    ඒ තමන්ට කොරියාවේ රැකියා සඳහා වීසා ලැබී ඇතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසැලකිල්ල මත ඒ සඳහා පිටත්ව යාමට නොහැකිව ඇතැයි චෝදනා කරමිනි.

    අනතුරුව උද්ඝෝෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල පදික වේදිකාවේ තාවකාලික ඉදිකිරීමක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරින් සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

    උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පැවති රජයේ අමාත්‍යවරයෙකු නිසි ක්‍රියා පටිපාටියෙන් පරිභාහිරව ගිවිසුම අත්සන් කර තිබීම හේතුවෙන‍් E8 වීසා ක්‍රමය යටතේ අදාළ පිරිස ලියාපදිංචි කිරීම ප්‍රශ්නගත වී ඇති බවය.

    එබැවින් මේ වනවිට මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා පැවසීය.

    කෙසේවෙතත් අද අලුයම් කාලය වන විටත් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටි බව .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.