Author: LFN

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත. මේ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී දැනුම්දි තිබේ.

Read More

මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. එමෙන්ම වැඩිම මී උණ රෝගී ආසාදිතයින්ද හමුව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව ඒ මහතා සඳහන් කළේය. සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවති මී උණ රෝගය වැළැක්වීම ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 1,882ක් හමුවී ඇති අතර මී උණ රෝගය හේතුවෙන් මියගිය ගණන 22කි. එම දිස්ත්‍රිකයේ මී උණ වැළදීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස ඇහැලියගොඩ, කිරිඇල්ල, ඇලපාත, පැල්මඩුල්ල, ඔපනායක, නිවිතිගල, කලවාන සහ කල්තොට ප්‍රදේශ…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (27) ආරම්භ වේ. පළමු තරගය දකුණූ අප්‍රිකාවේ ඩර්බන් ක්‍රීඩාංගණයේ දී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා ඔහු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.

Read More

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ.

Read More

අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, මේ මොහොතේ ආපදා තත්ත්වය පිළිබඳව දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවේදීයි. අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා. අදාළ ට්‍රැක්ටර් රථය අම්පාර – මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එමෙන්ම ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ. මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුලු ගංවතුර තත්ත්වයන්…

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටී තිබේ. ඒ සමඟ සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පැවසිය. කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේදී දුම්රිය මාර්ග සංචාරක මුරකරු එය දැක ඒ පිළිබඳව…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණි. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමකි. ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල්…

Read More

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (26) සිට පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඒ අනුව පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය. ආපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකථන අංක 011-2027148 011-2472757 011 – 2430912 011-2013051 විද්‍යුත් තැපැල් ලිපිනය disaster.ops@police.gov.lk දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වෙත ගංවතුර, තද සුළං හා නායායාම් තත්ත්වයන්…

Read More

මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනුරාධපුර, වව්නියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත්බිම් වලට ඉදිරි පැය 48 සඳහා මෙලෙස ගංවතුර ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More

දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් ඇති අතර, ගංඟා බොහොමයක්ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ඉංජිනේරු ජී. ඩබ්ලිව්. ඒ. සතුරා දිල්තාරා මහත්මිය පවසන්නේ, අද (27) අලුයම වනවිට දැඳුරු ඔය ජලාශයේ තත්ත්පරයට ඝන අඩි 32,145 ධාරිතාවයකින් ජලය මුදාහරින බවය. මේ නිසාවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව හා රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දිල්තාරා මහත්මිය සඳහන් කළාය. මේ අතර රාජාංගණය ජලාශය තත්ත්පරයට ඝන අඩි 3,520කින් සහ කවුඩුල්ල ජලාශය තත්ත්පරයට ඝන අඩි 1,000ක ප්‍රමාණයකිනුත් ජලය මුදාහරින බව ඇය වැඩිදුරටත් පැවසීය. එමෙන්ම යාන් ඔය ජලාශය තත්ත්පරයට ඝන අඩි 6,099කින්, පරාක්‍රම…

Read More