Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මී උණ පැතිරීමේ අවදානමක්
    Featured

    මී උණ පැතිරීමේ අවදානමක්

    By LFNNovember 27, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

    එමෙන්ම වැඩිම මී උණ රෝගී ආසාදිතයින්ද හමුව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව ඒ මහතා සඳහන් කළේය.

    සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවති මී උණ රෝගය වැළැක්වීම ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 1,882ක් හමුවී ඇති අතර මී උණ රෝගය හේතුවෙන් මියගිය ගණන 22කි.

    එම දිස්ත්‍රිකයේ මී උණ වැළදීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස ඇහැලියගොඩ, කිරිඇල්ල, ඇලපාත, පැල්මඩුල්ල, ඔපනායක, නිවිතිගල, කලවාන සහ කල්තොට ප්‍රදේශ ඇතුළත්ය.

    මී උණ රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගන්නේ නම් වකුගඩු, හෘදය, මොළය වැනි අවයව අක්‍රීය වී මරණය පවා සිදුවිය හැකි බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

    මී උණ රෝගය වළක්වා ගැනීමට නම් කුඹුරු වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර රෝගය වළක්වා ගැනීමේ Doxycycline ඖෂධය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් ලබා ගත හැකි බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.