Author: LFN

කොළඹ කොටස් වෙළඳපොළ තුළ කැපී පෙනෙන වර්ධනයක් අද දිනයේදී පෙන්නුම් කළේය. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකකය 114.5කින් එනම් සියයට 0.88කින් ඉහළ ගොස් ඒකක 13 164.33ක් දක්වා වර්ධනය විය. එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඒකක 41.01කින් ඉහළ ගොස් ඒකක 3917.62ක් දක්වා වර්ධනය විය. එය සියයට 1.06ක වර්ධනයකි. කොටස් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 5ක් විය.

Read More

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ ‘දීඝදන්තු 1’ ඊයේ (28) අලුයම දැයට අහිමි විය. කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් තිබුණි. උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ වාසභූමිය වූයේ කලාවැව ජාතික උද්‍යානය අවට භූමියයි. කලාවැව රක්ෂිතයේ විසූ ඇත් පන්තියේ ශරීර ප්‍රමාණයෙන් මෙන්ම පෙනුමෙන්ද එක හා සමාන ඇතුන් දෙදෙනෙකු වාසය කළ බැවින් ඔවුන් ‘දීඝදන්තු 1’ සහ ‘දීඝදන්තු 2’ ලෙසින් හැඳන්වුණි. ඉන් ‘දීඝදන්තු 2’ හස්තියා මීට වසර 05කට පමණ පෙර දැයට අහිමි…

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට ඊයේ (28) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 132ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටියි. කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 24ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 17ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ල වෙනුවෙන් රැස්කරගෙන සිටින සබඳතාව ලකුණු 43කි. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ඔසවා තැබූ ඒඩියන් මාක්‍රම් ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය. ඔහුට අමතරව ටෝනි ඩි සොර්සි ලකුණු 17ක් හා වියන් මෝල්ඩර් ලකුණු 15ක් රැස්…

Read More

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණි. 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

Read More

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී වගාකරන ගොවින්ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා, “වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ තිබෙන්නේ බෝග 6යි. වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස්. අධික වර්ෂාව නිසා හානි සිද්ධවෙන ගොවීන්ට ඒ භෝග 6ට මේ වන්දිය අදාළ වෙනවා.…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවට අද ශ්‍රී ලංකාව දැවී ගියේය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42ට දැවී යාමත් සමගිනි. මිට ඉහතදී ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිව නුවරදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ට දැවී යාමයි. ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසය තුළ කණ්ඩායමක් දැවී ගිය 12 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙයි. දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කිරීමට…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (29) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසීය. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බවද දැනුම්දෙයි. හෙට දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලපොරත්තු වෙයි. කෙසේවෙතත් හෙට දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වෙයි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද…

Read More

මිනුවන්ගොඩදී පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබේ. මේ බව අනාවරණ වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදීය. ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වෙනිදාය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී රුපියල් තුන්කෝටි 55 ලක්ෂයකට අධික මුදලක්ද සොයා ගැනුණි. ඒ අනුව ඊයේ (27) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර…

Read More

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳව මෙහිදී අජේ බංගා මහතා අදහස් දැක්වූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහි ද සාකච්ඡා කෙරුණි. ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන අතර ඉදිරියේ දී කෘෂිකාර්මික…

Read More

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් අතුරුදන් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (28) උදෑසන 08 වනවිට දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 175ක පවුල් 98,635කට අයත් පුද්ගලයින් 330,894කට අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති බවයි. නිවාස 82ක් පූර්ණ හානි වී ඇති බවත් නිවාස 1,465ක් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් වාර්තා විය. මේ වනවිට ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8,358කට අයත් පුද්ගලයින් 26,625ක් රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More