Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දීඝදන්තු-1 ගැන නොදත් තොරතුරු
    Featured

    දීඝදන්තු-1 ගැන නොදත් තොරතුරු

    By LFNNovember 29, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ ‘දීඝදන්තු 1’ ඊයේ (28) අලුයම දැයට අහිමි විය.

    කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් තිබුණි.

    උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ වාසභූමිය වූයේ කලාවැව ජාතික උද්‍යානය අවට භූමියයි.

    කලාවැව රක්ෂිතයේ විසූ ඇත් පන්තියේ ශරීර ප්‍රමාණයෙන් මෙන්ම පෙනුමෙන්ද එක හා සමාන ඇතුන් දෙදෙනෙකු වාසය කළ බැවින් ඔවුන් ‘දීඝදන්තු 1’ සහ ‘දීඝදන්තු 2’ ලෙසින් හැඳන්වුණි.

    ඉන් ‘දීඝදන්තු 2’ හස්තියා මීට වසර 05කට පමණ පෙර දැයට අහිමි විය.

    පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ‘දීඝදන්තු 1’ හස්තියා මියයන විට වයස අවුරුදු 45ත්, 50ත් අතර වයසේ පසුවූ බවය.

    අලි මිනිස් ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ වනඅලි 433ක් මියගොස් ඇති අතර, පසුගිය වසරේ මුල් මාස 5 තුළදී පමණක් මියගිය වනඅලි ගණන 193කි.

    කලින් කලට මෙරට ආණ්ඩු මාරු වූවද දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුමට මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබාදීමට කිසිදු ආණ්ඩුවක් සමත්වී නැති බවට එම දත්ත සපයනු ලබන්නේ ප්‍රභල සාක්ෂියකි.

    එවැනි වටපිටාවක වත්මන් රජයෙන් හෝ මෙම ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් මෙරට තුළ වෙසෙන අවසන් හස්තියාද මියගිය පසු සෝ සුසුම් පමණක් ඉතිරිවනු නොඅනුමානය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.