Author: LFN
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා විසින් රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ අදාළ මුදල පැමිණිකරු විසින් වායු සමීකරණය මිලදී ගන්නා වෙළඳසැලේ කලමනාකරුගේ ගිණුමට බැර කර ඇති බවයි. ඒ අනුව අදාළ අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වනු ඇත. ඒ අනුව දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැවැසීය. කෙසේ නමුත් උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුළුන් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකිය. විශේෂයෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට…
චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති සියල්ල පැවති ආණ්ඩුවල ඉල්ලීම් අනුව ඉදි කළ ඒවා බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන් හොන්ග් මහතා පවසයි. තානාපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනය නියෝජිත පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති හමුවකදීය. මෙරට චීන තානාපති චී ජන් හොන්ග් මහතා මාධ්‍ය ආයතන නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (28) පස්වරුවේ හමුවකට එක්වු අතර චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද සාකච්ඡ කෙරුණි. එහිදී තානාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා පාර්ශ්වය දුර්වල ආකාරයෙන් මෙහෙයුම් සිදුකිරීම නිසා ඇතැම් ව්‍යාපෘති නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවය. උදාහරණයක් ලෙස පෞද්ගලික සමාගමකට…
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය. ඒ, 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයක් සම්බන්ධයෙනි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. 2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට…
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද (29) උදෑසන පීලි පැන තිබුණි. අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන 11.10ට පමණ එම පීලි පැනීම සිදුව ඇත. මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ දුම්රියේ එංජින් කොටසය. මෙම පීලිපැනීම නිසා දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති ආකාරය දක්නට ලැබෙයි. එමෙන්ම ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවට වාර්තාවේ. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි. මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින්කඩ අධික වැසි ඇදහැලීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී. කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශය ද පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරු නිලධාරීන් පැවසීය. එම ජලාශ දෙකේම…
නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. මෙම මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයට පස් කන්ද කඩාවැටී ඇත්තේ අද (29) අලුයම 2ට පමණය. එමෙන්ම පස් කන්ද සමග ගස් විදුලි රැහැන් මතට කඩාවැටීම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වනවිට ඇණහිට ඇත.
ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී ය. පිරිස සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිතය.
කිඹුලෙකු විසින් පුද්ගලයෙකුව ඩැහැගෙන යෑමේ සිද්ධියක් පොතුවිල් පොලිස් වසමේ ක්‍රොකඩයිල් රොක් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඊයේ (28) සවස් කාලයේදී ක්‍රොකඩයිල් රොක් ප්‍රදේශයේ දූව ගංගාවෙන් මී හරකුන් එගොඩ කරමින් සිටි පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට පොතුවිල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත. සිද්ධියට මුහුණපා ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පසරච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදහන් පුද්ගලයා සොයා පොලීසිය හා පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්වී මෙහෙයුම් සිදුකරයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවට අනුමාන කෙරේ. ඒ අනුව අද දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්…