Author: LFN

අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක පමණ වන අතර, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී.…

Read More

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාෂයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති නැගීඑන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ සංවිධායක සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. “මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ සර්වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන පෙරමුණ සියලු ශක්තිය ඔවුන් යොදවලා තිබුණා. පොහොට්ටුව නිර්මාණය වුණේ බැසිල් රාජපක්ෂ දේශපාලනයේ සිටීම සඳහා ඡන්ද මෝල කරකවන්න අවශ්‍ය පුද්ගලයින් එකතු කරගන්න. පොහොට්ටුවට දර්ශනයක් තිබුණේ නැහැ. ඒ අමෙරිකානු පුරවැසියා රට දාලා ගිය පසු දැන් මෝල කැරකෙන්නෙත් නැහැ.” “සම්ප්‍රධායික් හා විද්‍යාත්මක නිර්වචනය තුළ එක හෝ දේශපාලන පක්ෂයක්…

Read More

නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී සොයාගෙන තිබේ. ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය. වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්, චැසියක්, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවය. අනතුරුව වරින් වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් විසින් ගෙනත් දුන් බවද ඔහු පවසා තිබේ. ඒ අනුව මෙම රථය මෙම ස්ථානයට ලබා දුන් බව කියන එම විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට…

Read More

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව දෙසැම්බර් 31 දින දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මක බවත් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටත් පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට යෝජිත මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතිය සඳහාවූ පරිපූරක පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන පරීක්ෂාවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව මහ ජනතාවට දෙසැම්බර් 28 දක්වා මෙම ඇගැයීම් වාර්තාව සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදහස් දැක්වීමට හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වාර්තාව නොවැම්බර් 28 දා සිට දින 30 ක කාලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,මධ්‍යම පරිසර අධිකාරිය ,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මහ නගර සභාව සහ ධීවර සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය යන ස්ථානවල මෙන්ම වෙරළ…

Read More

රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් නිකුත් කර නොමැති බවය. දැනට සති කිහිපයක සිටම රට තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් නිර්මාණය වී තිබුණි. පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් ද මේ හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටය. ඒ අනුව මේ පිළිබඳ මාධ්‍ය ලාෆ්ස් ගෑස් සමාගමෙන් විමසීමක් කළේය. “මූලික පිරව්ම් පර්යන්තය තියෙන ස්ථානය වන මාබිම අවට ප්‍රදේශය ගංවතුරට යටවීමෙන් බෙදාහරීම් අක්‍රිය වුණා. ඒ සමගම හම්බන්තොට පර්යන්තයට ගෑස් ගෙනඑන නැවක ප්‍රමාදයක් වුණා. මේ නිසා පසුගිය කාලයේ ගෑස් දෙන්න නොහැකි වුණා. දැනටත්…

Read More

ඊයේ රාත්‍රි 9 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ තිබුණි. ඒ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය, අම්බලන්ගොඩ, දඹුල්ල, ගාල්ල,මීගමුව, පුත්තලම, මහියංගනය ,කුරුණෑගල හා කලාවැව යන ප්‍රදේශවලය. වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වේ. නමුත් අගය 101ත් – 150ත් අතර සුළු වශයෙන් අහිතකර වන අතර එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසින් සැලකේ. මෙවැනි පසුබිමක ඊයේ මෙන්ම අද දිනයේත් මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබුණි. කොළඹ නගරයේ…

Read More

වර්ථමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අමාරි කලම්බෝ හෝටල් ජාලය ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු පහේ පළමු ජාත්‍යන්තර හෝටලයයි. එහි අධිපතිත්වය දරනුයේ විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතා විසිනි. එම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජිත හේරත්, මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය. එහිදි අදහස් දක්මින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. “මේ රටේ ආර්ථිකය කඩා…

Read More

එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ල වී තිබේ. ඒ අනුව මෙම සැකකරුවන් මහජන විරුද්ධත්වය ඇවිස්සීම…

Read More

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ පොලිස් වසමේ බලතොටඇල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (30) දින සිදුකරන ලද වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 32, හා 56 වයස්වල පසුවන වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More