Author: LFN

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව යළිත් හෙට දිනයේ සිට විභාග කටයුතු ආරම්භ කෙරෙන අතර කාලසටහනේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත විෂයන්වලට අනුව විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. විභාගය නොපැවැත්වූ දිනවල පැවති විෂයන් ඉදිරි දිනවල දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන්…

Read More

මුහුදුබඩ සහ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අලුත්ගම සිට පැමිණි දුම්රියක් අද (03) පෙරවරුවේ රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මීගමුව දුම්රිය ස්ථානයේ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් හලාවත දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කළේය. සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි. එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.…

Read More

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

Read More

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකර ඇතැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කැළුම් හර්ෂණ නමැත්තා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැරුණි. ඒ එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේදීය. එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකරමින් මහජනයා නොසන්සුන් කිරීමේ චෝදනා මත සැකකරුවන් සිව්දෙනෙකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනුණි. සෙසු සැකකරුවන් අතරින් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තැනැත්තා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (01) ඉදිරිපත් කෙරුණු අතර ඔහු දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රිමාන්ඩ් භාරයේ පසුවන සෙසු සැකකරුවන් වන්නේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන හා ජනිත් චතුරංග යන අය වේ. ඒ අතරින් කැලුම් ජයසුමන මහතාගේ සුවදුක් විමසා බැලීම…

Read More

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලිය උත්පාදනයට යොදාගැනෙන ජලාශවල ජලමට්ටම් ඉහළ යාමත් සමග මේ වනවිට එම බලාගාරවලින් ඉහළ ධාරිතාවකින් විදුලිය උත්පාදනය කරන බව විදුලිබල මණ්ඩල දත්ත අනාවරණ කර තිබේ. ඒ අනුව පසුගිය (01) දිනයේදී දිවයිනේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 62.2%ක්ම උත්පාදනය කර තිබුණේ ජල විදුලි බලාගාරවලිනි. මෙවැනි පසුබිමක විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසන්නේ 35% ත් 40%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බවය. “මේ වෙනකොට කාර්තු ක්‍රමයට ගත්තාම හතරවෙනි විදුලි සංශෝධනයත් අපි භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න තියා මේ ආණ්ඩුව මේක ගැන තව හිතලාවත් නැති විදිහක් තමයි අපිට නම් පෙනෙන්නේ. මේ විදුලි බල මණ්ඩලයේ පත් කරපු…

Read More

නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. මේ අතර මඩකලපුව සිට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වාවන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවය. එමෙන්ම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිසම පවසයි. තවද අපේක්ෂකයින්ට සහ අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන්ට ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු…

Read More

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි. ඔවුන් දෙදෙනාව අද (02) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Read More