Author: LFN
අහංගම පොලිස් වසමේ වැල්හෙන්ගොඩ ප්‍රදේශයේ නිවසක යුවළකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මස 4 වනදා මෙම ඝාතනයන් සිදුව තිබූ බවය. ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (03) දහවල් ගාල්ල කොටුව ප්‍රදේශයේ දී අහංගම පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 41ක් හැවිරිදි උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ‘සමනල කන්ද රසික එකමුතුව’ යැයි සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම් සිදුකර ඇති බවය. “ඒ අය පරිසරය රකින්න කියලත් එක එක විදියට යෝජනා කරනවා. ඒ යෝජනා කරන අතරේ කූඨ ලෙස මිනිසුන් නොමඟ යවලා, ලක්ෂ ගණනක් ආධාර ලබාගන්න කටයුතු කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙකුට වැටේ තීන්ත ගාන්න හෝ ශ්‍රී පාදස්ථානය සුද්ධ පවිත්‍ර කරලා තීන්ත ආලේප කරන්න හෝ අපි භාරදීලා නෑ. ඒ හැමකෙනෙක්ම මහ දිසාපතිතුමාගෙන් අවසර ගන්න ඕනේ එහෙම නැත්නම් ඒ භාරකාරත්වයෙන් අවසර ගන්න ඕනේ. අවසර…
කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වීමට නියමිතය. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, විභාග කාලසටහනේ සඳහන් පරිදි අද සිට විභාග කටයුතු සිදුකෙරෙන බවය. ඒ අනුව අද සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වෙනු ඇත. විභාගය නොපවැත්වු දිනයන් සඳහා දෙසැම්බර් 21 වනදා දක්වා දෙසැම්බර් 31 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා…
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවයි.
හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ. ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසී
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය. මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක් සිදුවිය යුතු වුවත් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද වාර්තා වේ. ඒ සදහා වු යෝජනා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බව සදහන් වේ. පසුගිය මාසයේ ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොවු අතර අවසන් වරට ගෑස් මිල සංශෝධනයක්…
පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවය. ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 139,439 සහ පුද්ගලයින් 469,872ක් අවතැන්ව ඇති බවත් මරණ 18ක්, තුවාල වීම් 20ක්ද වාර්තා…
ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙරට ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මෙතෙක් කලක් ආණ්ඩු කළ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසුණු බවය. එමෙන්ම ජනතාව ලබා දී ඇති මෙම පණිවිඩය මැනවින් තේරුම් ගනිමින් කටයුතු කළ යුතු බවත් ඇය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය. “අපේ රටේ ඡන්දදායකයා මොකක්ද පෙන්නුම් කළේ. දේශපාලනය නෙමෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දූෂිත බලය අවභාවිතා කරන ඒ දේශපාලන සංස්කෘතියයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන ජනතාවාදී සහභාගීත්ව, ප්‍රජාතන්ත්‍රවාදය…
පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊට අදාළ විවාදය…