Author: LFN

අද (6) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසීය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read More

සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ මෙරට සහල් සංචිත සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පවතින බවය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා” “අපි ඇවිත් කෙටි දවසකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණු වාර්තාව රට තුළ සහල් ප්‍රමාණවත් කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළිවුණා සහල් හිඟයක් තියෙනවා කියලා.…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වේ. එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සමගින් සාජාහිදී පැවැත්වේ. මෙම තරගය දෙකම මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

Read More

නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පළාගොස් තිබේ. ඊයේ (05) රාත්‍රීයේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන බාලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම වෙඩිතැබීම සඳහා ටී56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරයි. වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. මාධ්‍ය කළ විමසීමකදී එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය. පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණි. එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන් ය. අද දිනයේ…

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණ තිබේ. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඔවුන් අද (05) අලුයම 02.55ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය. ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී…

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද (05) උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (04) පැවසුවේ උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (04) සාකච්ඡාවක් පැවැත්වුණි. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියන් රාසමාණික්කම් මහතා සඳහන් කළේ, බලය බෙදීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. සානක්කියන් රාසමාණික්කම් මහතා, “අපේ සාකච්ඡාවේදී ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් සම්බන්ධව, බලය බෙදීම පිළිබඳව, වගේම අතුරුදන් වූවන් පිළිබඳව, ඉඩම් ආරවුල් සම්බන්ධව, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ගැන සාකච්ඡා කළා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්ථාවරය කොහොමද කියන එක සාකච්ඡා කළා. උතුරේ සහ නැගෙනහිර උපරිම බලය බෙදීම පිළිබඳව අපි ඉල්ලීම් කරලා…

Read More

අද සහ හෙට (06) යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතය. ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදුකරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවුණි. මේ අතර පසුගියදා පැවති ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා විසින් සිදුකළ යෝජනාවකට අනුව අදාළ කල්තැබීමේ විවාදය පැවැත්වුණි. ආපදාවලින් පීඩාවට පත් වන ජනතාවට ලබාදෙන…

Read More

සිරිපාගම පොලිස් වසමේ කැටවල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තරුණියකට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (04) උදෑසන මෙය සිදුව තිබූ අතර පහරදීමෙන් තුවාල ලැබූ තරුණියව ගිලීමලේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වු රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකාරියකි. පහරදීම සිදුකළ පුද්ගලයා සමග මියගිය තරුණිය ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිරිපාගම…

Read More