Author: LFN

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා සක‍්‍රිය දායකත්ව ලබා දේ. මෙලෙස අනියුක්ත කරනු ලබන හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාර පාන/ භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායම් ප‍්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂී කාර්යන් රැසකට සක‍්‍රිය දායකත්වය ලබාදෙනු ලබයි. මේ අතර මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා සිටි ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 92…

Read More

සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යංශයක් යටතට ප්‍රථම වතාවට ගෙන ආ බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කොළඹ 07 තුරග තරගපිටිය පරිශ්‍රයේ ඊයේ (08) ආරම්භ කෙරුණු ‘2024 ජාත්‍යන්තර කඩමණ්ඩිය සහ සංස්කෘතික උළෙල’ අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකුද සහභාගි වූහ. මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රදර්ශන කුටි රැසක්ද මෙම උළෙල සඳහා එක්කර තිබුණි. ඊට සමගාමීව තානාපතිවරු ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විලාසිතා දැක්මක්ද පවත්වනු ලැබීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, “මෙමගින් අපිට ලැබෙන අරමුදල් රාගම, උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන එම්. එච්. ඕමාර්…

Read More

ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී ඊයේ (8) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදු වූ බව පොලීසිය පවසයි. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති අතර, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තුවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර…

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තුවේ. ඒ හේතුවෙන් අද (08) උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති හැකියි. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,…

Read More

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය. ඊයේ (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන බවය.

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் ඝාතන දෙකක සුලමුල හෙළිවෙයි ඝාතන දෙකක සුලමුල හෙළිවෙයි December 8, 2024 07:02 am පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 05 වන දින රාත්‍රී කාලයේ ‍බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 73ක කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ලදි. ඒ අනුව පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් පෙරේදා (06) වැලිඔය පොලිස් වසමේ දී ටී 56 ගිනිඅවියක් හා රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙ සිටි වයස අවුරුදු 42ක් වන කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට…

Read More

සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග…

Read More

ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩොනල්ඩ් ලු මහතා අතර ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී ඩොනල්ඩ් ලු මහතා මේ බව පවසා තිබුණි. ඒ මහතා තවදුරටත් පවසා සිටියේ, වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවය. මේ අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. දේශපාලන, ආර්ථික හා…

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී පෙරේදා (5) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය පවසයි. ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ. සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්යයේ සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු බව සඳහන්ය. ඔවුන් කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත. එහිදී මෙම ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 3ක් සදහා භාවිතා කළ T56 ගිනි අවිය හා එහි පතුරම් ගැබ සහ උණ්ඩ 08ක්, විදේශීය නිෂ්පාදිත…

Read More