Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්
    Featured

    සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්

    By LFNDecember 8, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය.

    “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා. මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා. එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා. රුපියල් 10ක් සහල් වැඩිකරලා දීලා මහා පාරිමාණ වී මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් මෙය නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝල වලට හිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.