Author: LFN

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය. 10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණි. මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි. නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.

Read More

ඉදිරියේදී භාණ්ඩ ගණනාවකට උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (16) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. “කුකුල් මස් විතරක් නෙමෙයි වතුර බෝතලේ ඉදන්… රුපියල් 100යට විකුණන වතුර බෝතලය රුපියල් 40ට අඩුවෙන් විකුණන් පුළුවන්. ලුණු පැකට් එක රුපියල් 52කට දාන්නේ ඒක රුපියල් 100ට විකුණන්නේ. මේ ලුණු කර්මාන්තයේ ලුණු නෑ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෙළෙඳපොළ ඇතුළේ පාරිභෝගිකයාට බරපතළ බරක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට පාරිභෝගික අධිකාරිය හරහා තියෙන පාරිභෝගික කවුන්සිලය මේ උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල…

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 02 වැනිදා මහියංගනය පොලිස් වසමේ වදකහදෝව ප්‍රදේශයේ හේන් යායක් තුළ වයස අවුරුදු 44ක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස වෙඩි වැදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග බිම්මල් කැඩීමට ගොස් සිටින අතරතුරදී ඔවුන් අතර සිටි අයෙකු විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම මරණය සිදුව තිබුණි. පොලීසිය විසින් සිදුකළ විමර්ශයේදී මෙම මරණය ඝාතනයක් බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (16) මහියංගනය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 36, 44 හා…

Read More

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය. අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට මේ වන විට තීරණය කර තිබේ. විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් අදාළ යෝජනාව සිදුකිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ…

Read More

හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි රුසියානු ජාතික සිව් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අනතුරට පත් සිව්දෙනාගේ දිවි බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් ඇති බව පොලීසිය පවසයි. දිය අනතුරින් මුදාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 40ක් හා කාන්තාව වයස අවුරුදු 39ක්ද, දැරිවියන් දෙදෙනා අවුරුදු 07 හා 13 යන වයස් වල පසුවන එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන් රුසියානු ජාතික බව පොලීසිය පවසයි. හික්කඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරික්ෂක හේවගේ, පොලිස් කොස්තාපල් 96793 ඒකනායක, පොලිස් කොස්තාපල් 102748 දිසානායක හා පොලිස් කොස්තාපල් 105456 ජයසිංහ යන නිලධාරීන්…

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසයි. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිශන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය පසුගිය දෙසැම්බර් මස 6 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා…

Read More

මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීටියාගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. පෙරේදා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ දියණියට වෙඩි තබා තිබූ අතර එහිදී තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය. පියාගේ උදරයට සහ දියණියගේ පාදයකට වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී…

Read More

අද (17) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) සිට ලබන 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙයි. ඒ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු විදෙස් සංචාරය ලෙසයි. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වෙයි. ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එමෙන්ම ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද නව දිල්ලි නුවරදී එක්වීමට නියමිත අතර බුද්ධ ගයාවේද සංචාරය කිරීමට නියමිතය.…

Read More

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ කෘෂිකර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පැනගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බවය. ඊශ්‍රායලය විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන රටක් වන බව තානාපතිවරයා පෙන්වාදෙයි. විදෙස් ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමෙන් පසු තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර ඇත. මේ අතර සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රීලාංකික…

Read More