Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයට රැකියා සඳහා ගිය ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි
    Featured

    ඊශ්‍රායලයට රැකියා සඳහා ගිය ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

    By LFNDecember 15, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ කෘෂිකර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පැනගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බවය.

    ඊශ්‍රායලය විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන රටක් වන බව තානාපතිවරයා පෙන්වාදෙයි.

    විදෙස් ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමෙන් පසු තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර ඇත.

    මේ අතර සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රීලාංකික කාන්තාවක් ද සේවා කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.

    මීට පෙර ද සොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.