Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයට රැකියා සඳහා ගිය ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි
    Featured

    ඊශ්‍රායලයට රැකියා සඳහා ගිය ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

    By LFNDecember 15, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ කෘෂිකර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පැනගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බවය.

    ඊශ්‍රායලය විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන රටක් වන බව තානාපතිවරයා පෙන්වාදෙයි.

    විදෙස් ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමෙන් පසු තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර ඇත.

    මේ අතර සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රීලාංකික කාන්තාවක් ද සේවා කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.

    මීට පෙර ද සොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.