Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධ කෙරේ
    Featured

    මහ මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධ කෙරේ

    By LFNDecember 17, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

    මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිශන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවය.

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය පසුගිය දෙසැම්බර් මස 6 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

    එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී තිබේ.

    මැතිවරණ කොමිශන් සභාව සදහන් කළේ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන ලද අපේක්ෂකයින් 690 දෙනාගෙන් 493 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී ඇති අතර ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 527 දෙනාගෙන් 434 දෙනෙකු වාර්තා බාරදී ඇති බවය.

    ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.