Author: LFN
වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති විශේෂ හමුවකදී මේ පිළිබඳ දීර්ඝ ලෙසින් සාකච්ඡා පවත්වා ඇත. මීට අතරව දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළෙඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත. දෙපාර්ශ්වය අතර පැවැත් වූ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ පොල්කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණය කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට අමෙරිකාවේ එකඟතාව හිමිව තිබේ. එමෙන්ම කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට සිදුවන…
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබේ. මෙරට ආපදා තත්ත්වයන්වල දී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීම පිළිබඳව ද ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තූතිය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව…
නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, විදුලි සැර වැදුණු දරුවාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනාරක්ෂිත විදුලි රැහැනක් මඟින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට යෑමේ දී දැරියට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, මාර්ග අනතුරු, දියේ ගිලීම්, සතුන් සපාකෑම් සහ ආහාර විෂවීම් හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බවය. කෙසේවෙතත් උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද සඳහන්ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මෙම අදහස් පළ කළේය.
සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ, සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින්ගේ වැටුපෙන් සමාජ ආරක්ෂණ අරමුදල් ලෙස ලබාගන්නා මුදල් ඔවුන්ට යළි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය. ඒ අනුව අදාළ මුදල් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා පැවසුවේය.
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුළදී, උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී. උතුරු, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ. අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වේ. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව ඊයේ (17) දින සිට අදාළ අත්හිටුවීම සිදුකිරීමට නියෝග කර ඇත. තවද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ. මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර ඇත.
රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ පැහැදිලි කිරීම පහතින් දැක්වෙයි, “රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට අපි එකඟතාවයකට ආවා.” “සාමාන්‍යයෙන් වැඩිහිටි අය, විශ්‍රාමිකයන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කරලා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙනවා.” “සාමාන්‍යයෙන් මාසයකට රු 150,000ක් පොලියට වැටුණොත් තමයි එයා බද්දට යටත් වෙන්නේ. නමුත් රඳවා තබාගැනීමේ බද්ද හරහා සිදුවිය හැකි දේ තමයි රු 150,000කට යටින් ගත්තත් රඳවා ගැනීමේ බද්දක් ලෙස පැනවීමේ හැකියාව තිබීම.” “ඒ නිසා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක්…
උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. “තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව. “අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000 දක්වා වැඩි කරගන්න සමත් වුණා.” “ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා.” “ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද…
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒ බව නිවේදනය කළේය. එම කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරු වන්නේ, හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය.