Author: LFN
රට තුළ ලුණු හිඟයක් ඇතිවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් පවසන්නේ දේශීය වෙළෙඳපොළ තුළ අවශ්‍ය තරම් ලුණු මිලදී ගැනීමට තිබෙන බවයි. රට තුළ උද්ගත වියහැකි ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබේ. ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කෙරෙන්නේ වසර 15කට පමණ පසුව බවයි. මෙරට ජනතාවගේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ හම්බන්තොට, පුත්තලම, මන්නාරම, අලිමංකඩ සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල පිහිටි ලුණු ලේවායන්වලින්ය. ඒ අනුව මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක්. ඉන් 50%ක් රාජ්‍ය…
නාගහවත්ත ප්‍රදේශයේදී පසුගිය 14 වනදා සිය බිරිඳ හා වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා ඉදිරිපිටදී පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා සේවයෙන් පලා ආ අයෙකු වන 27 හැවිරිදි සැකකරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේය. වෙඩිතැබීම සිදුකළ දිනට පසුදින ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවසට ගොස් මෘත ශරීරයට අවසන් ගෞරව ද දක්වා ඇති බව පොලීසිය පැවසුවේය. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, මීගොඩ පොඩි දනා නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවයි. මීට කලකට ඉහත පැවති සාදයකදී මීගොඩ පොඩි දනා සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ ‘ලංකා T10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය. ඒ මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්. ජැෆ්නා ටයිටන්ස් ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත් විය. මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 10කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය. පන්දුයැවීමේදී ට්‍රෙවින් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේය. කෙසේ නමුත් ලකුණු 133ක ඉලක්කයක්…
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කළේය. මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු නම්කර තිබේ. මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙහි අරමුණු වේ. එමෙන්ම පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ…
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව රජය පවසයි. එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදුකරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිවාල් හා නිලිරවි…
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත. ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තමා සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නඩු තීන්දුව…
ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මගී ප්‍රවාහන නෞකාවේ ගැටී තිබේ. අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ. නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්ය.
හොරණ තානායම තුළ දී පුද්ගලයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර බවය. මෙසේ තුවාල ලබා ඇත්තේ, මොරගහහේන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය පැවසීය. ඊයේ (18) රාත්‍රියේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වීමෙන් පසු හොරණ තානායම වෙත පැමිණ ඇති අතර ඔහු මත්පැන් ස්වල්පයක් පානය කරන විට එහි සිටි පුද්ගලයෙකු සමග බහින්බස්වීමත් සිදුව ඇත. ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් පිටවී යනවාත් සමග ම සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට, හිසට සහ එක් අතකට තුවාල…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දන්වා සිටියේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවය. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත. සෘජු දුරකථන අංක – 1911, 0112784208, 0112784537, 0112786616 ෆැක්ස් අංකය – 0112784422 පොදු දුරකථන අංක – 0112786200, 0112784201, 0112785202 විද්‍යුත් තැපැල් ලිපිනය – gceolexamsl@gmail.com