Author: LFN
කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබේ. එහිදී ඇතැම් ආපනශාලා ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවැති අතර මුළුතැන්ගෙය ආශ්‍රිතව ආහාර පිසින ස්ථානයන් හී මීයන්ගේ අසූචි පැවතීම සහ මීයන්ගේ අසූචි ආහාර පිසින භාජනවලට එකතු කිරීම නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක් විය. තවද ඇතැම් ආපනශාලා හී ආහාර පිසින ස්ථානයන් හි සුරතල් බළලුන් පවා සිටින අයුරුද මෙහිදි දක්නට ලැබිණි. වැටලීම් සිදුකරනු ලබන අවස්ථාවේදී ආපනශාලා හිමිකරුවන් සහ අදාළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර ඇතැම් වෙළෙඳසැල් හිමියන් පැවසුවේ මීයන් ගහනය වැඩි බවත් නගර සභාව විසින් මේ සඳහා…
ඊයේ පෙරවරු 10ට පමණ හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි. එම අනතුරින් අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කෙරුණි. එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය. පාසල් සිසුවා සිය සහෝදරිය සමඟ බෙහෙත් ගැනීමට යන අතුරතුරදී එම…
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ විධිවිධාන 2023 වසරේ ජනවාරි…
සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව ඊයේ ප්‍රකාශ කළේය. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ පෙරේදා දක්වා පමණි. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර ඉතිරි ම්‍රෙටික් ටොන් 38,500 නාඩු සහල් වන බවය. මේ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බවට පවසමින් සුළු පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් මුදල් කොල්ලකන පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ අම්පාර පරගහකැලේ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් තිබේ. පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙසය. මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 210,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ “ආචාර්ය” නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඊයේ (20) පාර්ලිමේන්තුවට පැමිණි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය. තමාට නොමැති ආචාර්ය නාමයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියේ වැරදියට සඳහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ඊයේ දිනයේ පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පියවර ගෙන ඇත.
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම කඩිනමින් දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කිරීමට කටයුතු කළේය.
නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊයේ (20) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය. අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 50 හැවිරිදි සෞදි අරාබියානු ජාතිකයෙකු බවට අනාවරණය කරගෙන ඇත. සැකකරු අදාළ මෝටර් රථය කුලියට ගෙන හිතාමතා මෙම අනතුර සිදුකර ඇති අතර, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එරට පොලීසිය පවසයි.
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ නායක චරිත් අසලංක, “ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. T-10 තරගාවලිය ක්‍රීඩා කරලා හොඳින් ලකුණු අතරත්, කඩුලු අතරත් හිටියා. ඒක හොඳ සූදානමක් කණ්ඩායමට. අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම් කරන්නේ නෑ. නමුත් අත්දැකීම්…