Author: LFN

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුගිය 14 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (22) පස්වරුවේ හෝමාගම හා මීගොඩ පොලිස් වසම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. සැකකරුවන් අවුරුදු 22,26 හා 38 යන වයස්වල පසුවන පාදුක්ක හා මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වනදා මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුවෙකු හා එයට ආධාර අනුබල දුන්…

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ඇති. මේ වන විට එම ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන ද අඩුකර ඇති අතර රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බවය. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස…

Read More

දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර කාන්තාවකගෙන් කප්පම් මුදලක් ඉල්ලීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 04 වනදා කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පුද්ගලයින් යොදවා දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) පෙරවරුවේ කිරිබත්ගොඩ, දළුගම ප්‍රදේශයේදී හා පෑලියගොඩ, පට්ටිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව පසුගිය දා රැස්වු අතර එහිදී මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. එහිදී පක්ෂයේ බොහෝ පිරිසකගේ මතය වී ඇත්තේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තනිවම තරග කිරීම සුදුසු බවය. එහෙත් ඉදිරියේ දී මෙම තත්වයන් වෙනස් විය හැකි බව ද පොදුජන…

Read More

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

මොරටුව, ඉඳිබැද්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී සියදිවි හානිකරගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ 56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවය. අදාළ පුද්ගලයා ඊයේ පස්වරුවේ සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී නිවස තුළ ගෙලවැලලාගෙන මියගොස් ඇති බව සඳහන්. තුවාල ලැබූ කාන්තාව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය. අදාළ සිදුවීමට පෙර ඔහු විසින් නිවසට යාබද ස්ථානයක සිටි පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කලක සිට පැවති ආරවුලක් එම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්ය.

Read More

2025 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 09ක් පමණි. 2025 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයට වන අතර එම නිවාඩු ගණන 4කි. එම මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය 14 වන දිනට යෙදී තිබේ. තවද වෙසක් පුන් පොහෝ දිනය 12 වැනි දිනටත් නත්තල් දිනය දෙසැම්බර් 25 වැනි දින අඟහරුවාදා දිනටත් යෙදී තිබේ. එම නිවාඩු දින පහතින්, ජනවාරි 13 සඳුදා – දුරුතු…

Read More

ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, හැටන්, පින්නදූව, මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වී ඇති බවය. මියගිය පිරිස අතර පදික පුද්ගලයින් සිව්දෙනෙකු වන බව සඳහන්ය. උත්සව සමය තුළ මාර්ගවල ගමන් කිරීමේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. “උත්සව සමය එළැඹීමත් සමග මහා මාර්ගවල වැඩි වශයෙන් වාහන ගමනාගමනයක් වගේම පදිකයිනුත් බහුලව ගැවසීමක් දකින්න පුළුවන්. පදිකයන් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරන කොට ඉතාම සුපරික්ෂාකාරීව ගමන්කරන්න ඕනේ. ඒ වගේම රියදුරෙක්…

Read More

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණි. ඒ අනුව ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී තිබේ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවය. යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය…

Read More

පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවය. කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ. බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. මේ අතර සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් ව තිබේ. ඒ අනුව වයඹ පළාත 10.9%ක් ද මධ්‍යඹ පළාත…

Read More