Author: LFN

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවය.

Read More

ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read More

ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එම පුද්ගලයා ව ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදුකර තබයි.

Read More

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව පිළිබදව මෙම සැසිවල දී මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. ඉදිරි මාස 6ක කාලය සඳහා ගාස්තු සංශෝධනයක් සිදුනොකළ යුතු බවට ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින…

Read More

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ. එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් ද වේ. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමකි.

Read More

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි. හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර තිබේ. ඔහු 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දැරීය. ඔහු පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වී තරග කළේය.

Read More

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය. “අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ රට ඩිජිටල්කරණය කරගැනීම සඳහා ඒ වගේම අප සූදානම් වෙනවා අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන වැඩපිළිවෙළේ යන්න.”

Read More

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවය. එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More

තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහකිරීම සම්බන්ධ නව නීති හඳුන්වාදී තිබුණි. කෙසේ වුවද පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය පවසන්නේ යෝජිත නීති එරට ව්‍යවස්ථාවට පටහැනි බවය. ඒ අනුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයට ඇතුළු වීම වැළැක්වීමට විපක්ෂය කටයුතු කර තිබුණි.

Read More

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි. කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවය. එහෙත් මේ දක්වාත් ඊට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් යම්හෙයකින් රජය හෝ රජයේ මැදිහත්වීම මත සහල් ආනයනය කළ ද ඒවා මෙරට වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ…

Read More