Author: LFN
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරවම අධීක්ෂණය කළ යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය…
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවය. තවද AI තාක්ෂණය භාවිත කරමින් සිදුවන යම් යම් අක්‍රමිකතා සම්බන්ධවද මේ වන විට පැමිණිලි වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය. මෙවැනි ඇමතුම් සහ සිදුවීම්වලින් ආරක්ෂා වීම සඳහා මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගෙන ආ යෝජනාව සම්බන්ධව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින් රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර සමාගම්වලට වාසි සහගත තත්ත්වයක් ඇති කරවීමට මෙමගින් උත්සාහ දරා ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටක සිදුවිය යුත්තේ මද්‍යසාර සහ දුම්වැටි බදු ඉහළ දමමින් භාවිතය පාලනය කිරීම සඳහා කටයුතු කිරීම බවත් එහි සඳහන් ව තිබේ. මද්‍යසාර භාවිත කරන පිරිස් භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අවම කිරීමටත් අලුතින් මද්‍යසාර භාවිතය සඳහා යොමු වීම අවම කිරීමටත් ඇති ප්‍රතිඵලදායක ක්‍රමෝපායක් ලෙස සුරා බදු වැඩි…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් කහතුඩුව පිවිසුම අසලදී ආරක්ෂිත වැටේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පසු ලොරි රථය අඩි 30ක පමණ බෑවුමකට පෙරළී ගොස් ඇත. ලොරි රථය බෑවුමට පෙරළීයාමේදී එහි කිලෝ 50ක බරින් යුත් ඩොලමයිට් කොට්ට 600ක් තිබූ බවත් ලොරි රථය වට 03ක් පෙරළී ගොස් ඇති බවත් සිදුකළ විමර්ශණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබේ. මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවද අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. අනතුර සම්බන්ධව ලොරි රථ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි ඔහු පවසා ඇත්තේ තමන් දින තුනකින් නිසි නින්දක් නොලබූ අයෙකු…
සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ. ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබේ. තවද අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහා පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,00ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවනු ඇත. දුප්පත් පවුල් 960,000ක් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දීමනාවන රුපියල් 10,000කි. එමගින් සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇතැයි ද සඳහන්. පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණි. එහිදි දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබේ. ඇය වෘත්තියෙන් ගුරුවරියකි. පසුගිය 2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර පැවති අරගලයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව ඇය පිළිබඳව සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබුණි.
ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ. එහි නා හිමිවරුන් ඊයේ (24) මෙම අදහස් පළ කළේ දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පැමිණ මල්වතු හා අස්ගිරි මහාවිහාර දැනුම්වත් කළ අවස්ථාවේදීය. දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා පවත්වන කිසියම් ආගමික වැඩසටහනක චීවරයකින් සැරසුණු පුද්ගලයෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත පසුගිය දිනවල මුදාහැර තිබුණි. එවැනි සිදුවීම් හෙළා දකිමින් කාදිනල් හිමිපාණන්ද පසුගිය (23) ප්‍රකාශයක් සිදු කළේය. මෙවන් පසුබිමක ඒ පිළිබඳ දැනුම්ත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ රාවණා බලය සහ සිංහලේ යන සංවිධානවල භික්ෂුන්වහන්සේ, මල්වතු පාර්ශ්වයේ මහානායක…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
නත්තල යනු වාද භේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නත්තල් දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සලකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බවය. වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය සහ ජාතික පුනරුදය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයාගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ. නත්තලේ සැබෑ යථාර්ථය වන සාමූහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදාවූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විත කරගත යුතු බව අග්‍රාමාත්‍ය…
නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 389 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.