Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමේ යෝජනාවට එරෙහිව විරෝධයක්
    Featured

    අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමේ යෝජනාවට එරෙහිව විරෝධයක්

    By LFNDecember 25, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගෙන ආ යෝජනාව සම්බන්ධව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන් ව ඇත්තේ නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින් රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර සමාගම්වලට වාසි සහගත තත්ත්වයක් ඇති කරවීමට මෙමගින් උත්සාහ දරා ඇති බවය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටක සිදුවිය යුත්තේ මද්‍යසාර සහ දුම්වැටි බදු ඉහළ දමමින් භාවිතය පාලනය කිරීම සඳහා කටයුතු කිරීම බවත් එහි සඳහන් ව තිබේ.

    මද්‍යසාර භාවිත කරන පිරිස් භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අවම කිරීමටත් අලුතින් මද්‍යසාර භාවිතය සඳහා යොමු වීම අවම කිරීමටත් ඇති ප්‍රතිඵලදායක ක්‍රමෝපායක් ලෙස සුරා බදු වැඩි කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ආයතන විද්‍යාත්මක තහවුරු කිරීමක්ද කර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.

    ලොව පුරා සිදුවන වළක්වාගත හැකි මරණවලින් 10න් 8කටම හේතුවක් වන බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිතය දිනකට පුද්ගලයින් 50 දෙනෙකු මරණයට පත් කරනු ඇති බවත් එය වසරකට ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ මරණයට පත් කෙරෙනු ඇති බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මේ හේතුවෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සහ එම දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ රටේ ජනතාව මද්‍යසාර භාවිතයෙන් රෝගීන් බවට පත් කිරීම නොව මද්‍යසාර බදු නිවැරදිව අයකර ගනිමින් නිත්‍යානුකූල නොවන මද්‍යසාර වැළැක්වීම බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

    වෙළෙඳපොළ තුළ සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළෙඳපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයින් නීතියේ රැහැනට ගෙන ඒමත් සහ එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීමත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ වගකීම බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.