Author: LFN
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා ඊයේ (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා මිය යන විට වයස අවුරුදු 92ක් විය. ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇත. ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකෙයි. පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීය. සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබුණි. ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කර ඇත. 1991 වසරේදී ඉන්දීය…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇත. නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවය. අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17වනදා සිට සිදු කෙරුනු අතර අද දිනයේ සිට පළාත් 9ය ආවරණය වන පරිදි ජනවාරි මස 10වනදා දක්වා වාචික…
කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි. කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී එම කාන්තාව ව කිඹුලා ඩැහැගන ගොස් ඇති බව සඳහන් ය. කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ ජනතාව සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මෘත ශරීරය සොයාගෙන තිබේ.
2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය එම වසරේ ජුනි මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබේ. අත්‍යාවශ්‍ය හේතුන් මත එදිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරින් සිටි නම් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සකස් කර නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමුකිරීමට කටයුතු…
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” අද සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය. 2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර “ජාතික සුරක්ෂිතතා දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු යොදා…
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් වේ. දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 161,383න් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,131කි. රුසියාවෙන් සංචාරකයින් 22,637ක් , බ්‍රිතාන්‍යයෙන් 12,822ක්, ජර්මනියෙන් 9,998ක්…
හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන ඉන්දීය ජාතිකයෙකි. පොලීසිය පැවසුවේ ඊයේ (25) සවස මෙම පුද්ගලයා සිය දියණිය, පුතා සහ තවත් පුද්ගලයෙකු සමග මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී පිරිමි පුද්ගලයා මියගොස් ඇත. මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශනය සිදුකරයි.
සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි. පැරෑලියේදී එම ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයකි. එහි සිටින පිරිස, පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10ක් පමණ කාලකයක් නවතා සුනාමි සැමරුම සඳහා එක්වීමට නියමිතය.
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවනු ඇත. අද පෙරවරු 9 සිට හෙට (27) අලුයම 3දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය.