Author: LFN
යුරෝපියන් එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන්යානයක් පළමු වරට බල්ගේරියානු සංචාරකයන් 180 දෙනකු රැගෙන බල්ගේරියාවේ සොෆියා ගුවන්තොටුපළේ සිට පියාසර කර ඊයේ (27 දා) උදෑසන 9.30ට පමණ මත්තල ගුවන්තොටුපළට ගොඩබෑවේය. නව රජය බලයට පත්වීමෙන් පසු සංචාරක අමාත්‍යංශය සහ යුරෝපියන් එයාර් ලයින් ගුවන් සමාගම අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගුවන්යානය මත්තල ගුවන්තොටුපළට පැමිණ තිබේ. පසුගිය කාලයේදී හදිසි ගුවන්යානා ගොඩබෑමේ ස්ථානයක් පමණක් බවට මත්තල ගුවන්තොට පත්ව තිබුණි. කෙසේ නමුත් මේ වන විට නව රජය බලයට පත්වීමෙන් පසු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට සතියකට ගුවන් ගමන්වාර 15කට වැඩි ප්‍රමාණයක් සංචාරකයින් රැගෙන පැමිණෙමින් තිබේ. මෙතෙක් කලක් බහුතරයක් මත්තල ගුවන්තොටුපළ භාවිතා කරමින් සංචාරකයින් රැගෙන පැමිණියේ රුසියාව සහ ඒ…
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි. එම ආදායම දෙගුණයක් කිරීම සඳහා සැලසුම් සකස්කර ඇති හෙතෙම පැවසීය. ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර හම්බන්තොට ප්‍රදේශවලට අමතරව කුරුණෑගල, පුත්තලම හා මහවැලි කලාප වැනි ප්‍රදේශවල කුරුඳු වගාව ව්‍යාප්ත…
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්ය.
ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද (28) සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙනි. එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බව දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් මහත්මිය සඳහන් කළාය. ඒ අනුව හෙට සිට 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් නම් මූල්‍ය ආයතනයක් මඟින් ව්‍යාපාරවල ලභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි. විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එහි අධ්‍යක්ෂවරයා බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මඟින් 2021 වසරේදී ඉන්දියාවට පළා ගොස් ඇති…
සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ. දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය. පසුගිය (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ බී.එම්. ඔෂාදී කෞශල්‍යා නමැති දැරියයි. ඇය පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි. ඔෂාදී එදින සිය මව සහ 15 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග නිවසෙහි සිට ඇති අතර එම අවස්ථාවේ මව සමීප ඇසුරක් පවත්වන පුද්ගලයෙකු නිවසට පැමිණ තිබේ.…
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ඊයේ (27) සර්වජන බලය සමග එක්වුණි. ඒ එම පක්ෂයේ කාර්යාල පරිශ්‍රයේදී පැවති විශේෂ හමුවකදීය. හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ එම පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද අද සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්හ. ඒ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙසින් Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිතව ඇත. 2006 වසරේදී දෙරට අතර විස්සයි20 තරග ආරම්භ වූ අතර, ඉන් අද පැවැත්වෙන්නේ 26වන තරගයයි. මේ දක්වා පැවති තරග අතරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 8ක් පමණක් වන අතර, තරග 14ක්ම ඔවුන් නවසීලන්තය හමුවේ පරාජය වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව නවසීලන්තයේදී විස්සයි20 තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග 6ක් ඔවුන් පරාජය වී ඇත. මේ අතර අද තරගයට…
උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වනවිට ටොන් 500ක් දක්වා වර්ධනය වනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ පාලිත නානායක්කාර මහතා, “උත්සව සමය නිසා අපේ සාමාන්‍ය කැළිකසළ නිෂ්පාදනය යම් මට්ටමකින් වැඩිවෙලා. සාමාන්‍යයෙන් අපේ දෛනික කැළිකසළ නිෂ්පාදනය නගරය තුළ ටොන් 420ත් 450ත් අතර ප්‍රමාණයක රැඳිලා තියෙනවා. නමුත් දෙසැම්බර් 31 වෙනකොට කොළඹට පැමිණෙන අතිවිශාල සංඛ්‍යාව නිසා මේ ප්‍රමාණය ටොන් 500ක් පමණ වෙන්න පුළුවන් කියලා අපි පුරෝකථනය කරනවා”. මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ…
අද (28) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළියසහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.