Author: LFN
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ ඊයේ (29) පස්වරුවේ විදුලි සැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක පලංචියකට විදුලි සැර වැඳීමෙන් ඒ මත සිටි සිවු දෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ. කෙසේ නමුත් ඉන් එක් අයෙකුගේ දිවි බේරී ඇති අතර, තිදෙනෙකු මෙලෙම මරණයට පත්ව ඇත. මියගිය අයගේ සිරුරු මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි කලක පටන් මෙරට ගොවිබ්ම්වලින් වාර්තා වේ. නමුත් මෑතකාලීනව එම හානි තීව්‍ර වී ඇති පසුබිමක වැඩිම හානියක් වාර්තාවන්නේ වනඅලි ගම්වැදීම හේතුවෙනි. එලෙස ගම්වදින වනඅලි හම්බන්තොට බඳගිරිය තම්මැන්නාව ගම්මානයේ කුඹුරු අක්කර 100කට පමණ හානි පමුණුවා තිබුණි. අලිවැට අක්‍රියවීම් මෙන්ම ජනතාවගේ ඇතැම් ක්‍රියාකලාපයන්ද හේතුවෙන් වනඅලි ගම්වැදීම වගාවන්ට පමණක් නොව, ජන ජීවිතවලටත්, වනඅලි ජීවිත වලටත් උදාකර ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. මෙවන් පසුබිමක පොළොන්නරුව මහවැලි සී කලාපයේ සිරිපුර ගම්මානයේ ගොවීන් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය…
අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-35ක පමණ තරමක තද සුළං…
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය. ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළේය. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබුණි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වේ.
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන්ය. රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබේ. ඒ අනුව 2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන් වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිය 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතය. ලබන වසර සඳහා වන පාසල් වර්ෂය…
මවගේ පාදයේ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනානාශකයක් පානයකළ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුද දෙකයි මාස හතක් වු එස්.ඒ.විනුක මන්දිත් නැමති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවාය. ඥාති නිවසකට යාම සඳහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී කුඩා දරුවා කිසිවකුට නොදැනෙ ලෙස උස් ස්ථානයක තබා තිබු මවගේ පාදයට ගෙන ආ දියර සහිත වේදනානාශකය රැගෙන ඇත. ඉන් අනතුරුව එහි මුඩිය ඉවත් කරමින් දරුවා සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව වාර්තා වෙයි. පසුව මව්පියන් විසින් දරුවා පරික්ෂා කිරීමේදී අදාළ වේදනානාශක දියරය දරුවාට පෙවීමක් සිදුවු ඇතිදැයි තහවුරු…
මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි. පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය. එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් පිරිස මුලතිවු ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි. මෙම…
අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි. ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි. සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගත්තේය. ඒ අනුව සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු රේගුව විසින් පසුගිය 26 දා සිට නැවත ආරම්භ කරනු ලැබීය. එහිදී පසුගිය 27 වනදා උදෑසන වන විට සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබුණි. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා…
කොකේන් මත්ද්‍රව්‍ය සමග මෙරටට පැමිණි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව ඝනාවේ සිට පැමිණ ඇති අතර ඇය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව අද (29) අලුයම 1.50ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ කාන්තාවකි. ඇය සතුව තිබී ග්‍රෑම් 4068ක් පමණ වන කොකේන් මත්ද්‍රව්‍ය තොගය අදාළ නිලධාරීන් භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ එහි වටිනාකම රුපියල් මිලියන 142ක් බවය. Most