Author: LFN
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ. “ක්ලීන් ශ්‍රී ලංකා “ ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන් වේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී හෙට දිනයේ සිදුකිරීමට සැලසුම්…
ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය බවය. ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම්…
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර අද (30) පැවැති දෙවන 20යි 20 තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස්කිරීමට සමත් විය. නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්හ. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. මීට අමතරව නුවන් තුෂාර සහ මතීෂ පතිරණ…
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදී ඇත. ඒ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දීය.
පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත. ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී ඇතැයි ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී ඇත.…
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීම අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතව තිබේ. ලබන වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කෙරුණි. ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පහසුකම් සැළසීම සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශනය ක්‍රියාත්වක වේ. පළාත් මට්ටමින් පැවත්වෙන මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් අද දිනයේ දී ඌව පළාතට…
මත්පෙති සමග සැකකරුවන් තිදෙනෙකු මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මාවනැල්ල ,හීන්දෙණිය සුසාන භූමිය අසලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. එහිදී මත්පෙති 8,100ක තොගයක්, සැකකරුවන් පැමිණි වැන් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වෑන් රථයකින් මත්පෙති කොළඹ සිට රැගෙන විත් යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකුට එම ප්‍රදේශයේදී අලෙවි කරමින් සිටියදී පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි 24 සහ 25 හැවිරිදි වියේ පසුවන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පොහොර සහනාධාරය ඉල්ලා මහවිලච්චිය ගොවියකු පේමඩුව බස් නැවතුම්පළේ වහලය මත නැඟ විරෝධතාවයක් ආරම්භ කර තිබේ. කන්න රැස්වීමේ තීන්දු තීරණ මත මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව වගාව ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පොහොර සහනාධාරය ජනතාවට නිසියාකාරව මෙතෙක් ලැබී නොමැති බව ද විරෝධතාවයේ නියැලෙන ගොවි මහතා පවසයි. මෙම පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් විරෝධතාවය අත්නොහරින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත. දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන ශවේන්ද්‍ර සිල්වා 2020 වසරේ ජනවාරි 1 වනදා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් මෙම ධුරයට පත්විය. ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාව වෙනුවෙන් 1984 මාර්තු 5වනදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. ශවේන්ද්‍ර සිල්වා මහතා කා අතරත් ජනාදරයට පත් රණවිරුවෙක් වූයේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදීය. එම මානුෂීය මෙහෙයුමේදී 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසින් ඔහු…