Author: LFN

ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 04කින් තරුණයින් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (30) එම අනතුරු සිදුව තිබුණේ දෙයියන්දර, ගලේවෙල, නාල්ල සහ පේරාදෙණිය යන පොලිස්වසම්වලය. හක්මණ – මුලටියන මාර්ගයේ පල්ලාවල විදුහල ආසන්නයේදී බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු බස් රථයේ ඉදිරි දකුණු පස රෝදයට යටවී බරපතළ තුවාල ලබා දෙයියන්දර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, ගොම්බද්දල, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සිමෙන්ති පැටවූ ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ. මේ…

Read More

නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබේ. ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාව ඊයේ (30) දින පත්කළේය. කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා 1989 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙමින් සිය අභිමානවත් හමුදා දිවිය ආරම්භ කළේය. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් සහ ඉන්දියාවේ දෙහෙරාදුන් හි ඉන්දීය හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව, 1990 වර්ෂයේදී ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු…

Read More

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවය.

Read More

මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි. මෙරටට තුන් වැනි වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්ෂේත්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2024 වසරේ සංචාරක ඉලක්කය වූ මිලියන දෙක ඉක්මවමින් විදෙස් සංචාරකයින් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව මෙවර සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරයි. මේ වන විට මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසක්ම විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඇත්තේ රටේ සංචාරක කර්මාන්තයට ද නැවුම් බලාපොරොත්තු එක්කරමිනි. මෙවන් යහපත් වාතාවරණයක් ගොඩනැගී තිබුණත් සංචාරක පාරාදීසයක් වන ඇල්ලේ තත්ත්වය නම්…

Read More

කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලකට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට එල්ලවූ චෝදනාව සම්බන්ධව ඔහු අදහස් ප්‍රකාශ කර තිබේ. එහිදී ඔහු පැවසුවේ මෙම සිද්ධිය පිටුපස ඇත්තේ පැරදුණු දේශපාලනඥයින්ගේ අතකොළු බවය. “ඇගලුම් ආයතනයේ සාකච්ඡාව පැයක පමණ කාලයක් සිදුවුණා. එයින් පසු මෙම ආයතනයෙන් පිටව යෑමට පැමිණෙන විට අපි දැක්කා විශාල පිරිසක් ආයතනය ඉදිරිපස ගේට්ටුව ළඟ ඉතාම කලහාකාරී ලෙස හැසිරෙනවා එතන පොලිස් නිලධාරීන් තිදෙනෙක් පැමිණ සිටියත් ඔවුන්ට මේ තත්ත්වය සමනය කරගන්න බැරිවුණා. එක් පුද්ගලයෙක් අපි සිටි වාහනයේ ෂටර් එකක් ඇරලා මට ප්‍රහාරයක් එල්ල කළා. මගේ කමිසයෙන් ඇදලා එළියට ගන්න හැදුවා. එතන ප්‍රවාහන සමාගමේ ප්‍රවාහනය ලබාදීම පිළිබඳව ගමේ අයගෙන් විශාල පැමිණිලි රැසක්…

Read More

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත. සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.

Read More

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය. නව පාර්ලිමේන්තුව පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව රැස්වන දෙවන අවස්ථාව මෙය වේ. මෙහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පත්වීමට ද මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

Read More

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවය. එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රය පරික්ෂා කිරීමේදී ප්‍රවේශපත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් එහි සඳහන් වේ. එමෙන්ම එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට වෙන්කළ ආසන ප්‍රවේශපතු මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශපතු හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන්…

Read More

දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (30) එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. පූඩළුඔය, ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පොලුවලින් සහ ගල්වලින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ඩන්සිනන්වත්ත, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි. මරණකරු ඔහුගේ දියණිය, පියා සහ බාල සහෝදරයා සමඟ ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි. පියා සහ සහෝදරයා සමඟ ඇති කරගත් ආරවුලකදී ඔවුන් දෙදෙනා විසින් පොලුවලින් සහ ගල්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම අපරාධයට සම්බන්ධ අවුරුදු 46ක් සහ 18ක් වන පියාව සහ පුතාව අත්අඩංගුවට ගෙන ඇති අතර…

Read More

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේය. මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ යූ ටියුබ් නාළිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More