Author: LFN

සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, අද (02) දිනය තුළ එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බවය. කෙසේවෙතත් අදාළ සයිබර් ප්‍රහාර කුමන පාර්ශවයක් සිදුක‍ළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්ය. පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රී පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණි. අදාළ සයිබර් ප්‍රහාර යථා…

Read More

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ. අද (02) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය සිදුකරයි.

Read More

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිත අතර එය මාර්තු මස 14 වන දින තෙක් පැවැත්වේ. මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසර සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකිරීමට නියමිතය. 2025…

Read More

අද (01) දින පෙරවරු 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් බව පොලීසිය පවසයි. එය, විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව බව ද පොලීසිය පවසයි. එමෙන්ම එම කාලය තුළදී රථවාහන වැරදි සිදුකළ බවට හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ සමස්ත රියදුරන් සංඛ්‍යාව 7,264 ක් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. එහිදී, බීමත් රියදුරන් 529ක්, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවූ රියදුරන් 57ක්, අධික වේගයෙන් රිය පැදවූ රියදුරන් 54ක්, මාර්ග නීති උල්ලංඝණය කළ රියදුරන් 1,057 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 614ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන්…

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත්විය.

Read More

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. පාපැදියකින් මිතුරන් පිරිසක් සමඟ ගමන්ගත් දරුවෙකුගේ පාපැදිය බස් රථයේ ගැටී ඇති අතර, අනතුරුව දරුවා පසුපස රෝදයේ ගැටී ඇති බව වාර්තා වෙයි. අනතුරින් තුවාල ලැබූ දරුවා වව්නියාව සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි. අනතුරින් අබ්දුල් මජීඩ් උමර් නමැති 07 හැවිරිදි දරුවෙකි. මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වව්නියාව සෙට්ටිකුලම රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read More

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණි. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණේ මාතලේ ප්‍රදේශයේදීය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවය. එකලස් කරන ලද වාහන 8ක් සැකකරු සන්තකයේ තිබී හමුවූ අතර, අංක තහඩු සහිත එම වාහනවල චැසි අංක වෙනස්කර ඇති බවට පොලීසිය සැක පළකරයි. ඒ, අතරින් වාහන 06 භාවිතයට ගතහැකි මට්ටමේ පවතින අතර වාහන දෙකක් පවතින්නේ අබලන් තත්ත්වයකයි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න…

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත. මේ අතර S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%කි. සියලු කොටස් මිල දර්ශකයේ සහ S&P SL20 දර්ශකයේ මෙම අගයයන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගයන් වීම විශේෂත්වයකි. මේ අතර ඉතිහාසයේ පළමු වරට මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 5.69ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසීය. නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇතැයි ද කියා සිටියේය. දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, ඒ…

Read More

පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය. ඒ වෙනුවෙන් වූ උත්සවයක් අද පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි. මේ අතර තමාගේ ධුර කාලය තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එහි සඳහන් කර ඇති එක් කරුණක් වන්නේ 2022 වසරේ රට තුළ හටගත් මහජන කැලඹීම පිළිබඳවය. “වර්ෂ 2022 රට තුළ උදා වන මහජන කැලඹීම මගේ හමුදා රාජකාරි ජීවිතයෙහි මා සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් ප්‍රායෝගිකව හඳුනා ගන්නා සංකීර්ණ…

Read More