Author: LFN
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි…
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබේ. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව විසින් සිදුකළ අවසන් වාර්තාව ගුවන් හමුදාපති වෙත භාර දී ඇත. එම වාර්තාවෙන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානයෙන් ලංකාවට කිසිදු බලපෑමක් ඇති ව නොමැති බවය. එමෙන්ම මෙම ඩ්‍රෝන යානය, ඉන්දීය සමාගමකට අයත් එකක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම මෙය පුහුණුවීම් සඳහා යොදාගත් එකක් බව අනාවරණය වී ඇත. පසුගිය 27 වනදා ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී මෙම ඩ්‍රෝන යානය ධීවරයින් පිරිසකට හමුව තිබුණි. මෙම යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බවද එම වාර්තාව මගන් පෙන්වා…
කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 0707 22 78 77 යන මෙම නව whatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසයි. කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පවසයි. ඔහු පැවසුවේ මාතර බන්ධනාගාරය තුළ පවතින් ඉඩකඩ සීමාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය. බෝ ගසේ අත්ත කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් G හා F යන වාට්ටු දෙකට දැඩි හානි සිදුව තිබේ. මේ අතර, අනතුරෙන් මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩයක් නියම වී එම දඩය නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටි මිදිගම තුර්කි ගම්මානයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වේ. මෙවන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව…
රජයට, සමාජයට සහ ප්‍රතිලාභින්ට මෙහෙවරක් සිදුකළ හැක්කේ ශක්තිමත් ව්‍යාපාරිකයන් විසින් නිසි පරිදි බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි. නමුත් පසුගිය කාලසීමාව තුළ බදු මුදල් එකතුකර ගැනීමට නොහැකිව රජය ඉතා බරපතළ ඛේදවාචකයකට මුහුණදුන් බවත් එවැනි අවස්ථාවලදී යම් ව්‍යාපරිකයෙක් තමන්ගේ මුදලින් සුබසාධන කටයුතු කරන්නේ නම් එවැනි ව්‍යාපාරිකයන්ව පැසසුමට ලක්කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩදුරටත් පැහැදිලි කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජයකිරණ සමූහ ව්‍යාපාරය 23 වන වරටත් පාසල් ළමුන්ට, ගැබිනි මාතාවන්ට සහ වැඩිහිටියන්ට සුබසාධනය සැලසීමේ අරමුණින් සංවිධානය කර තිබූ වැඩසටහනට ඊයේ (01) සහභිගී වු අවස්ථාවේ දීය. “ශක්තිමත් ව්‍යාපාරිකයන් බදු මුදල් ලබා දුන්නොත් පමණයි සමාජයට ප්‍රතිලාභයක්, මෙහෙවරක් කරන්න…
කිළිනොච්චිය ඒ – 35 ප්‍රධාන මාර්ගයේ පුලියම්පොක්කනේ ප්‍රදේශයේ පාලමක් අසල ජලයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස ශතකයක් රැස්කර තිබුණේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් විසිනි. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද (02) ශතකයක් රැස්කළේ වසර 14කට පසුවය. එහිදි පරිණත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 44කදී සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම විස්සයි විස්ස ශතකය ලෙස ද…
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී…
මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි. ඊයේ (01) රාත්‍රියේ 10.14 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් රැඳවියෙකු මියගියේය. මියගොස් ඇත්තේ 34 ක් වූ මිදිගම තුර්කි ගම්මාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ රැඳවියන් රඳවා තිබූ G හා F යන වාට්ටු මතට ඒ ආසන්නයේ තිබූ බෝ ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවය. තුවලා ලැබූ රැඳවියන් 25, 27, 32, 34, 35 39, 41 සහ 52 යන වයස් වල පසුවන දෙනිපිටිය, මිරිස්ස , වැලිගම , ගාල්ල , මාතර…
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කළේය. ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතාව මෙලෙස පත්කර තිබේ.