Author: LFN

තඹුත්තේගම නගරයට ආසන්න ප්‍රසිද්ධ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි. තඹුත්තේගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ඇතුළු කණ්ඩායමක් තඹුත්තේගම පොලිස් වසමේ සංචාරයේ නිරතව සිටියදී, තඹුත්තේගම ඇටෝරාව වැව ආසන්නේ ගමන් කරමින් සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් සැක සිතී පරීක්ෂා කර බැලීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 2600 ප්‍රමාණයක් සොයා ගත් බව ද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම සිසුවාගේ මව සහ පියා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බවත් මත්ද්‍රව්‍ය පානය කරන අයකුට ලබා දීම සඳහා…

Read More

නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සිදු කරන මෙහෙයුම් හා බුද්ධි අවේක්ෂණ රාජකාරි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව තවදුරටත් පුළුල් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලු පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ. 2024 වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවට රැස් කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කළ වැටලීම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයන් 451 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 3570කට ආසන්න ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040කට ආසන්න…

Read More

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (02) මේ බව කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරනවා යැයි හෙතෙම මෙහිදී කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය දානපතියන් හරහා…

Read More

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

Read More

මාතර බන්ධනාගාරයේ රැදවියන් 55 දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත. දැඩි ආරක්ෂාව යට⁣තේ මෙම කටයුතු සිදුවන අතර, ඉඩකඩ සීමාවීම හේතුවෙන් සිය කැමැත්තෙන් මාතර බන්ධනාගාරයෙන් ඉවත්වීමට කැමති රැදවියන් මෙලෙස ඉවත් කිරිමට පියවරගෙන ඇත. පසුගිය (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් එක් අයෙකු මියගිය අතර, තුවාල ලැබූ 11 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඉන් 7 දෙනෙකු යළි බන්ධනාගාරය…

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණි. ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇති බව සඳහන් ය. දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.

Read More

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබේ. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවය. රෝගාතුර වූ තරුණිය සිය මව සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ ආපන ශාලාව වෙත ගොස් ඇත. එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර තිබේ. එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගෙන ඇත. අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා ඇත. එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය…

Read More

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ. එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර තිබේ.

Read More

අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්. ඉන් එක් සිද්ධියක් නිව් ඕලියන්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, තවත් සිද්ධි දෙකක් නිව්යෝර්ක් සහ ලාස් වේගාස් නුවරින් වාර්තා විය. මෙම සිද්ධීන්වලින් 16 දෙනකු මියගිය අතර, තුවාල ලැබූ ගණන 53ක්. 2025 නව වසර මහත් හරසරින් පිළිගැනීම සඳහා අමෙරිකානුවන් විවිධ ප්‍රදේශවලදී උත්සව සංවිධානය කර තිබුණි. ඒ අනුව නිව් ඕලියන්ස්හි ප්‍රකට සංචාරක කලාපය ද ජනතාවගෙන් පිරී ඉතිරී ගියේය. කෙසේ වෙතත් කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් කැබ් රථයක් වේගයෙන් ඉදිරියට ධාවනය වන්නේ පුද්ගලයින් රැසක් යටකර දමමින්ය. මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 35කට අධිකය. අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු…

Read More

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගියේය. පෙරේදා (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් සියලු දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඉන් එක් අයෙකු එදිනම මියගියේය. මේ වනවිට තුවාල ලැබූ 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටියි.

Read More