Author: LFN
දෙහිවල ප්‍රදේශයේදී අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙහිවල පදිංචි මාධ්‍යවේදිනියකගේ සැමියා වන වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචි 60 හැවිරිදි දෙදරු පියෙකු වන ඒ. සමරජීව නැමැති පුද්ගලයා පසුගිය ජනවාරි 1 වැනිදා පෙරවරුවේ සුපුරුදු පරිදි රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණි. නමුත්, රැකියාව අවසන් කොට පස්වරුවේ නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳවන මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය සිය සැමියාට රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබාදී තිබුණත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ තැති බව වාර්තා වෙයි. යළි යළිත් දුරකථන ඇමතුම් ලබාදීමේදී එක් අවස්ථාවක පොලීසිය දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා තිබුණි. මේ අතර, ත්‍රිරෝද රථය තිබූ ස්ථානය ආසන්නයේ…
පසුගියදා මාතර අවන්හලක පැවැති DJ සාදායක ඇති වූ ආරවුලක් මාතර, වැලිගමදී සිදුකළ අද අලුයම සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට මුල් වී ඇතැයි පොලීසිය සැකකරයි. එමෙන්ම හරක් කටාගේ පාර්ශ්වය එම ඝාතනයට සම්බන්ධ බවටද සැක පළ කරයි. ඝාතනයට ලක් වූ තරුණයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා පවතින බවද පොලීසිය පවසයි. මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක් වැලිගම මූනමල්පේ ප්‍රදේශයේ වැවක දමාගොස් තිබියදී පොලීසිය විසින් ඊයේ (04) සොයාගෙන තිබේ. මාතර, වැලිගම දී අද අලුයම සිදුකළ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ, යතුරුපැදි තුනකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, පසුගියදා මාතර බන්ධනාගාරයේදී බෝ ගසක අත්තක් කඩාවැටී මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට…
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත ගුවන්තොටුපොළ පොලීසිය විසින් ඊයේ (04) රාත්‍රීයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල 04ක්, පෙන්ඩන්ට් 01ක්, අත් පලඳනා 02ක්, රන් වළලු 01ක් සහ රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවෙකු ඇළකට වැටි මිය ගොස් තිබේ. සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (04) මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමේදීය. දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිට ඇති අතර එහිදී එක්වරම ජලයට වැටී තිබේ. එහිදී ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගියද රෝහලට ඇතුළත් කිරීමට පෙර දරුවා මියගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවාගේ සිරුර කළුවන්චිකුඩි මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක් ගෙවීමට එකඟවී තිබුණි. අදාළ එකඟතාවය යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සහකළ රත්‍රන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු බත්තලංගුන්ඩුවට ආසන්න මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා බුද්ධි අංශවලට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමෙන් රත්‍රරං කිලෝ 11යි ග්‍රෑම් 300ක තොගයක් සොයාගැනීමට හැකිවී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean sri lanka – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි. පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් කර…
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි. මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.
වසර එකහමාරකට පමණ පෙර දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක තිබී හමු වී ඇත. ඉතා වටිනාකමකින් යුතු මෙම වාලම්පුරිය සොරකම් කර ඇති බවට මීට වසර එකමහාරකට පමණ පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයේදී එම වාලම්පුරිය සොරකම් කරන ලද පුද්ගලයා පිළිබඳව තොරතුරක් සොයාගැනීමට පොලීසියට හැකිව ඇත. ඔහු පිළිබඳව අධීක්ෂණයෙන් සිටි පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. එම පුද්ගලයා පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පොලිස් නිලධාරීන් පරීක්ෂා කළද වාලම්පුරිය සොයා ගැනීමට නොහැකි විය. ඒ අතරවාරයේ ඊයේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද දුරකථන…