Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාධ්‍යවේදිනියගේ සැමියා අබිරහස් ලෙස දෙහිවලදී මරුට
    Featured

    මාධ්‍යවේදිනියගේ සැමියා අබිරහස් ලෙස දෙහිවලදී මරුට

    By LFNJanuary 5, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ප්‍රදේශයේදී අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    ඒලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙහිවල පදිංචි මාධ්‍යවේදිනියකගේ සැමියා වන වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.

    දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචි 60 හැවිරිදි දෙදරු පියෙකු වන ඒ. සමරජීව නැමැති පුද්ගලයා පසුගිය ජනවාරි 1 වැනිදා පෙරවරුවේ සුපුරුදු පරිදි රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණි.

    නමුත්, රැකියාව අවසන් කොට පස්වරුවේ නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳවන මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය සිය සැමියාට රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබාදී තිබුණත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ තැති බව වාර්තා වෙයි.

    යළි යළිත් දුරකථන ඇමතුම් ලබාදීමේදී එක් අවස්ථාවක පොලීසිය දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා තිබුණි.

    මේ අතර, ත්‍රිරෝද රථය තිබූ ස්ථානය ආසන්නයේ දෙහිවල, හිල් වීදියේ පිහිටි නිවසක සිටි නීතිඥවරියක් ජනවාරි මස 1 වැනිදා රාත්‍රියේ දෙහිවල පොලීසියට ඇමතුමක් දි තිබුණේ තම නිවස ඉදිරිපිට කිසියම් අයෙකු වැටී සිටින බවටය.

    ඒ අනුව, රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ත්‍රිරෝද රථයකින් අදාළ ස්ථානයට ගොස් තිබුණි.

    කෙසේවෙතත් එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයා බීමතින් සිටි බව පවසමින් අදාළ පොලිස් නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයට පසුව පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

    පසුව අදාළ නීතීඥවරිය නැවත වතාවක් පොලීසියට ඒ් පිළිබඳ දැනුම්වත් කිරීමෙන් පසුව පැමිණි වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 1990 ගිලන් රථ සේවය එම ස්ථානයට කැඳවා වැටී සිටින පුද්ගලයා සෝදා රෝහල්ගත කර තිබේ

    කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඒම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද පැවැත්වුණි.

    මරණකරුගේ පිටෙහි විශාල වශයෙන් තැලුම් තුවාල දක්නට ලැබෙන බවත්, හිසෙහි බරපතළ රුධිර වහනයක් සිදු වී ඇති බවත් එහිදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

    මේ අතර මියගිය පුද්ගලයා වැටී සිටි අදාළ නීතීඥවරියගේ නිවසේ සිද්ධිය වූ දින සාදයක් පවත්වා ඇත්තේ, ඇයගේ සැමියා ඊට පසුදින විදෙස්ගතවීම හේතුවෙනි.

    ඔහු සිද්ධියට පසුදින උදෑසනම දිවයිනෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව අසල වූ CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරයි.

    මෙහිදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් අරඹා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.