Author: LFN

අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වනඅලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය. ඒ වනඅලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීමේ අරමුණින්ය. සමීක්ෂණවලට අනුව මෙරට භෝග වගාවන්ට හානි පමුණුවන සතුන් අතර වන අලියාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. දිවයිනේ ප්‍රදේශ රැසකින් දෛනිකව වනඅලි හානි වාර්තාවන්නේ ඒ බව තවදුරටත් තහවුරු කරමිනි. එලෙස වගා හානි බහුලව සිදුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි, රක්ෂිත වෙත පළවා හැරීමේ මෙහෙයුමක්…

Read More

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන්ට අද වනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත් පණුවන් විශේෂයකින් හානි වීම හේතුවෙනි. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, අනුරාධපුරය, ඔයාමඩුව, විලච්චිය වැනි ප්‍රදේශවල කඹුරුවලට මෙම පණු උවදුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. ගොවීන් පෙන්වා දෙන්නේ, විවිධ කෘමිනාශක භාවිත කළද පණු උවදුර මර්දනය කළ නොහැකි බවය. එමෙන්ම ගොවීන් පවසන්නේ පණු උවදුර හේතුවෙන් සිය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ යාමේ අවදානමක් ඇති බවය. මෙම පණු උවදුර මැඩපැවැත්වීමට වගකිවයුතු අංශ කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත් එය සෙසු ප්‍රදේශවලටද ව්‍යාප්ත විය හැකියාවක් පවතී.

Read More

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී එලෙස සඳහන් කළේය. පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ රෝගයට ගොදුරුව ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය. මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්න ප්‍රතිජිවක ඖෂධ ලබා ගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය සඳහන් කළේය. යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරී ගිය ආකාරයට…

Read More

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බව සඳහන්ය.

Read More

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. අදාළ නිවාඩු අනුමත කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එමගින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2022 වසරේ ජුනි මස 22 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වැටුප් රහිත නිවාඩු ලබාදීමේ දී සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ. ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ සිදුවීම් ද වාර්තා වන…

Read More

කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය. අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ පැවැති රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි ප්‍රතිලාභ ජනතාවට අහිමි වන තත්ත්වයක් උදාවෙමින් පැවැති බවය. එම තත්ත්වය වෙනස් කර නැවත මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට ත්‍රිපෝෂ සමාගම පත් කිරීමටත් රජය කටයුතු කරන බව අමාත්‍යරයා…

Read More

ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන්නේ ‘බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්‘ වන අතර එහි මෙහෙවර ලෙස දක්වා ඇත්තේ ‘දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කොටගෙන ජීවිත සඳහා අභියෝග සඳහා මුහුණ දීමට ශ්‍රී ලාංකේය තරුණයා සවිබල ගැන්වීම සඳහා පහසුකම් සැපයීමයි.’ මීට අමතරව එහි පළමු අරමුණ ලෙස දක්වා ඇත්තේ ‘ජාතික හැඟීම් පිළිබඳ උද්‍යෝගයක්, විනය පිළිබඳ හැඟීමක්, සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳ අවබෝධයක් සහ ශ්‍රමාභිමානය පිළිබඳ හැඟීමක් තරුණයන් අතර පෝෂණය කිරීමයි. එමෙන්ම ‘ජාතික සංවර්ධන යෝජනා ක්‍රමයන්හි…

Read More

රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේ නිවැරදි දත්ත හා තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි බවයි. විශේෂයෙන්ම පසුගිය 18 වැනිදා එක්දින සංගණනයක් ලෙස මුළු රටේම එක් දිනක දත්ත එක්රැස් කළ යුතුව තිබුණු නමුත් මේ වන විටත් එම සංගණන කටයුතු අවසන් නොවීම නිසා දත්තයන්ගේ නිරවද්‍යතාව පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ. මෙවර ජන සංගණනය සඳහා 2019 වසරේ ආරම්භක කටයුතුවල සිට මේ දක්වා රුපියල්…

Read More