Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිපෝෂ සමාගම ඈවර නොකිරීමට තීරණයක්
    Featured

    ත්‍රිපෝෂ සමාගම ඈවර නොකිරීමට තීරණයක්

    By LFNJanuary 5, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

    ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

    අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ පැවැති රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි ප්‍රතිලාභ ජනතාවට අහිමි වන තත්ත්වයක් උදාවෙමින් පැවැති බවය.

    එම තත්ත්වය වෙනස් කර නැවත මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට ත්‍රිපෝෂ සමාගම පත් කිරීමටත් රජය කටයුතු කරන බව අමාත්‍යරයා පැවසීය.

    එමෙන්ම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවසීය.

    ඉදිරියේදී ත්‍රිපෝෂ නිශ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී සමාගමට අවශ්‍ය බඩඉරිඟු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් දිරිගන්වමින් සහ ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ත්‍රිපෝෂ සමාගමේ 2023 විගණිත මූල්‍ය වර්ෂය දක්වා වූ 30% ඉක්මවූ මිලියන 165ක් ලාභාංශ අතරින් ඊයේ දිනට වන ලාභාංශ මුදල ලෙස රුපියල් මිලියන 11ක් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රධානය කිරීමටද මෙහිදී සිදුවූ අතර ඊට අදාළ චෙක් පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්. ජේ. පතිරණ මහත්මිය වෙත ප්‍රදානය කිරීමද සිදුවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.