Author: LFN

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදීය. විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව…

Read More

පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මීට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවය. “නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා. ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ…

Read More

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇත. ඒ අනුව අද අලුයම 5ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අලුයම 05.05ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන…

Read More

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දෙනුයේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මේ බව සදහන් කළේය. අදාළ වෛරසයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මෙලෙස පැහැදිලි කළේය. “සාමාන්‍යයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ ගතියක් තමයි මේකේ රෝග ලක්ෂණ ඊට අමතරව නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ගේ හුස්ම ගැනීමේ අපසුතාවයකට පත්වෙලා නියුමෝනියාව තත්ත්වයට පත්වෙන්න පුළුවන්. නමුත් ඒක කලාතුරකින් තමයි සිද්ධ…

Read More

ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වෙඩිවැදීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකු බව සඳහන්ය. අද (07) අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් දෙහිවල, වටරප්පල ප්‍රදේශයේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. 36 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය. කවුරුන් විසින් කුමන හේතුවක් මත එම වෙඩිතැබීම සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් තිබේ. මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූ බව වාර්තා වෙයි. මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයකි. මෙම සත්ත්වයාගේ මිය යාම පිළිබඳව සත්වෝද්‍යාන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ, එම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර අසනීප තත්ත්වයෙන් පසු වූ බවය. කෙසේ වුවද මේ වනවිට ඔරං ඔටං සත්ත්වයාගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇත.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය‍. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 20ක් වයසැති අයෙකු බවද සඳහන්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (07) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ ඇඹිලිපිටිය පොලිස් වසමේ ගඟේයාය ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි. ට්‍රැක්ටර් රථයක් උපයෝගී කරගෙන ක්‍රීඩාපිටියක තණකොළ කපමින් සිටියදී තණකොළ මැෂිමේ තිබූ යකඩ දැත්තක් කැඩී ගොස් ක්‍රීඩා පිටියෙහි සිටි පුද්ගලයාගේ හිසෙහි වැදී තුවාල ලබා තිබුණි. එම පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මාතර, වැලිගමදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිගම ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වල්ලිවල, වැලිගම ප්‍රදේශයේ පදිංචි 24ක් හැවිරිදි තරුණයෙකි. සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු මත අපරාධය සිදු කිරීමට භාවිතාකළ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත. මාතර, වැලිගම දී පසුගිය 04 වනදා සිදුකළ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ, යතුරුපැදි තුනකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, පසුගියදා මාතර බන්ධනාගාරයේදී බෝ ගසක අත්තක් කඩාවැටී මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි…

Read More