Author: LFN
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බව වාර්තා වේ. මර්ටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් විය. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් 20/20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට තීරණය කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ, සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවය. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේය. “නිසි ප්‍රමිතියකින් තොරව…
අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබු පුද්ගලයා “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
රුපියල් මිලියන 97ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, සිය ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපොළේ ‘හරිත මාවත’ ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (08) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සිය ගමන් මල්ලේ, පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා, බ්‍රස් 114ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 759ක් සූක්ෂම ලෙස සඟවා ගෙන පැමිණ තිබුණි. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ. ඉන්පසුව ඔහු එතැන් සිට අද අලුයම 02.40ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-662…
උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රට තුළ අනීතික නැහැ. නමුත් එය කිසිම විදිහකට නියාමනය වෙන්නනේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා 2024 ජුනි සිට 2025 මැයි කියන මාස 12 ඇතුළේ මේ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි වෙන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් තමයි යෝජනාව තියෙන්නේ. කාරක සභාව මේ පිළිබඳව මහ බැංකුවෙන් ඉල්ලා සිටියා ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත්…
ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය. “ඊශ්‍රායල ජාතිකයින් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබාදීමක් සිදුකර නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට. ඒ සම්බන්ධයෙන් අපිට තොතරු ලැබිලා තියෙනවා. ඒවා පිළිබඳව අපි නිරීක්ෂණයක් කරලා තියෙනවා. එවා අවසරයෙන් කරන ඒවා නෙමෙයි. කිසිවිටක අවසරයක් දීලා නැහැ. ඒ පිළිබඳව මොකද්ද…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයට මෙම නියෝගය නිකුත් කර ඇත. කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලිමෙන් පසුව අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රයයේ 106 (1) ප්‍රතිපාදන අනුව මෙම නියෝගය නිකුත්කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ අනුව ඔවුන්ට අද පස්වරු 1:00ත් සවස 6:00ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම…
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. අද (08) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන හා ජනමාධ්‍ය කේෂ්ත්‍රවල නව පරිවර්ථනයක් ඇති කිරීමේ අභියෝගය ජයගන්නේ කෙසේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, රටේ පුරවැසියන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන්නේ පුද්ගල මාරුවකට වඩා රට තුළ ගැඹුරු පරිවර්ථනයක් උදෙසා බවය. ඒ සඳහා ජන සහභාගීත්වය ද අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රජය බලයට පත්වන්නේ අභියෝගවලට මුහුණදීමට සුදානමින් බව ද කියා සිටියාය. වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය, “අපේ රටේ පුරවැසියන් ආණ්ඩුවට ලබාදුන්නේ ගැඹුරු පරිවර්ථනයක්. ඒ පරිවර්ථනය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතය. අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය. චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මේ අතර “එක් චීනයක් ප්‍රතිපත්තිය” සම්බන්ධයෙන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට ද තීරණය කරන ලදි. ඒ අනුව, ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස…
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.