Author: LFN
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ. අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.
බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් අද (10) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. මෙසේ දඬුවම් නියම වූණේ 26 හැවිරිදි අවිවාහක තරුණයකුවන දේව රාජා ලෝරන්ස් නමැත්තෙකුටය. 2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයෙකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම්…
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති බව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂ දෙක ඒකාබද්ධව තරග කළ යුතු බවට බොහෝ පාර්ශ්ව කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව සේනාරත්න මහතා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව මේ වනවිට දේශපාලන වේදිකාවේ කතා බහක් මතුව ඇති අතර, අද (9) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පිළිබඳ පනත් කෙටුම්පත ද සභාගත කළේය. ඒ අනුව දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගිය මැතිවරණවලදී…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (8) ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු ස්ථාන 26ක් පසුකරමින් මෙලෙස ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයක්ය. කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීම් අතර පළමු දස දෙනා අතර සිටි පැතුම් නිස්සංක තවම එම ගෞරවය රැකගෙන සිටියි. කෙසේ නමුත් ඔහු එක් ස්ථානයක් පසුපසට ගොස් ඇති අතර, මේ වනවිට 7වැනි ස්ථානය හිමිව ඇත. මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්ව සිටියි. එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ ප්‍රභාත් ජයසූරිය හිමිකරගෙන සිටියි.
මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි. වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මෙම ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇත. මෙහි ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො. 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිය. කෙසේ නමුත් අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ…
අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත්කළ අලුත්ම කාලගුණ වාර්තාව අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ද බලාපොරොත්තු වේ. තවද බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ත්…
අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබේ. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇත. ඊයේ උදෑසන 6:15ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි. තුවාල ලැබු පුද්ගලයා “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බවද වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මීගමුව, කොච්චිකඩේ පොලිස් වසමේ පාවුළුක් සිල්වා මාවතට හැරෙන හන්දිය ආසන්නයේ ඇති වතුර වළකට ඇදවැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. කොච්චිකඩේ පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුර ඊයේ (09) සිදුවී ඇති බවය. මරණකරු වයස අවුරුදු 53 ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
වැලිගමදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම පොලිස් වසමේ මහනැවියා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පස් දෙනෙකු ඉලක්ක කර ඉකුත් 04 වනදා T56වර්ගයේ ගිනිඅවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම් සිදුකර තිබුණි. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (09) සවස් කාලයේදී මාතර ප්‍රදේශයේදී මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී, අදාළ වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට පලායාම සඳහා යොදාගත් කාර් රථය පැදවූ පුද්ගලයා මෙම සැකකරු බවට අනාවරණය වී ඇත. සැකකරුගේ ප්‍රකාශ මත අපරාධයට උපයෝගී කරගත් කාර් රථය පොලිස්…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය. “පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013දී උපත් 350,000ක්. 2024දී 228,000ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා…ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ…