Author: LFN
සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියයර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් ඉල්ලා තිබේ.
නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවය. අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බව ද අවධාරණය කර සිටි වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ මර්දනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බව ද සඳහන් කළේය. මේ අතර පසුගිය කාලයේ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින්…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20%කින් විදුලි ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබුණි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දුනි. එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර…
මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ. ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. එම සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි. බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරු මෙම සිද්ධියට අදාළව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් දිවයිනට පැමිණ තිබේ. චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර හමුවක්ද සිදු විය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ගියේය.…
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල ව තිබේ. ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙම ප්‍රහාරය එල්ව ඇතැයි පොලීසිය පවසයි. පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. ධනංය ද සිල්වා සහ සාවිත්‍ර සිල්වා යන අයගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි රංජන් ද සිල්වා මහතාව…
අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇත. CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබේ.
බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් පැන සිදුකරගත් අනතුරකින් වයස අවුරුදු 16ක දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 16ක් වූ සර්පන්ටයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පෙලීසිය පවසයි. මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවට ඇගේ මව විසින් ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් දැරිය එම මහලේ බැල්කනියෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න පිලිබඳව අනාවරණය කර ගැනීම සඳහා බොරැල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි. ඒ අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද…
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වේ.