Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණ නෑ – වැඩබලන පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක්
    Featured

    අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණ නෑ – වැඩබලන පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක්

    By LFNJanuary 18, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    ‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවය.

    අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බව ද අවධාරණය කර සිටි වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ මර්දනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බව ද සඳහන් කළේය.

    මේ අතර පසුගිය කාලයේ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි එම අපරාධ මෙහෙයවන බවය.

    “ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා…”

    මේ අතර විෂ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් ද පොලීසියට විශේෂ වගකීමක් පැවරෙන බව පැවසු වැඩබලන පොලිස්පතිවරයා, පසුගිය 2024.09.23 වන දින සිට 2025.01.10 දින දක්වා සිදුකළ මෙහෙයුම්වලින් පහත සඳහන් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

    හෙරොයින් කිලෝග්‍රෑම් 373ක්
    ගංජා / කේරළ ගංජා කිලෝග්‍රෑම් 3504ක්
    අයිස් කිලෝග්‍රෑම් 751
    කොකේන් කිලෝග්‍රෑම් 3.7ක්
    හෂීස් කිලෝග්‍රෑම් 167ක්
    වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 482ක්

    මේ අතර, මෙතෙක් ඉතිහාසයේ ගොඩබිමකින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ද පසුගිය කාලයේ සොයාගෙන ඇති බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

    එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ දෙවන පෙළ සාමාජිකයින් 1,415ක් හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.