Author: LFN
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියේය. තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර තිබේ. ඒ අනුව අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද…
උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය. තලාව, පහළගම ලිපිනයේ පදිංචි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. කමලාවතී මහත්මිය, අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බලමිනි. මෙම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ…
ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා උපයන විට ගෙවන බද්ද රුපියල් 150,000 දක්වා වැඩි කිරීම, කිරි ආහාර සඳහා වැට් බද්ද නිදහස් කිරීම සහ පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍යතා ඇති සියලුම දරුවන්ට රුපියල් 6,000ක් ගෙවීම ද ඇතුළත් බව ඔහු පැවසීය. මෙම සහනය අස්වැසුම නොලබන පවුල්වල දරුවන්ට ද විවෘත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්…
රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඒ අනුව අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. එපමණක් නොව එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මෝටර්…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ. මන්ත්‍රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා ඇති බවය. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටී. එම ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති අතර, ඔහු අද (21) උදෑසන පාර්ලිමේන්තු බලා එන අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීම අනුවය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය. මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇත. එක්සත් ජනපතය ලොක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර එහි සමස්ත අරමුදල්වලින් 18%ක් එක්සත් ජනපදය විසින් දරනු ඇත. ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර පසුව ජනපති ලෙස පත්…
රටේම කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බේරුවල නගරයේ පසුගිය(19) පස්වරුවේ පැවති ජාතික ජනබලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. “හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස පිළිබඳ තීන්දුවක් ගන්නවා. මම ලියුමක් දෙන්න හිතාගෙන මටනම් විශ්‍රාම ගියාම ගෙවල් එපා කියලා. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3ක් කියන්නේ රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර තක්සේරුව ලක්ෂ 46යි. එක්කෝ 30,000ට වෙන ගෙදරක යන්න. නැතිනම් ඉතුරු ලක්ෂ 45 ගෙවන්න.” “හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක්…
නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින් 20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර ඇති බව වාර්තා වේ. පස්කදු සහ ගල්කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහනුවර, තැන්නෙකුඹුර හන්දියෙන් සහ හසලක, පාලම හන්දියෙන් වසා තැබීමට පියවර ගනු ලැබීය. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ…