Author: LFN

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එම සිදුවීම ඊයේ (20) රාත්‍රී කාලයේදී වාර්තා වී තිබුණේ කඳාන පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි. තුවාලකරු වයස අවුරුදු 29ක් වූ කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා තුවාලකරු දෙපාර්ශවයේ පුද්ගලයන් බවත්, පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර සිදුවූ පිහි ඇනුම්වලින් මෙසේ එක් පුද්ගලයෙකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්…

Read More

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර තිබේ. එමෙන්ම ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය. ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ…

Read More

“කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 630ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුන් දෙදෙනා අද (20) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් භාරයට ගත් “කුෂ්” මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 6කට අධික බව වාර්තා වෙයි. අත්අඩංගුවට පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අනෙක් කාන්තාව අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචි, රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි අයෙකි. ඔහු අද තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Read More

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව වරාය තුළ කටයුතු සිදුනොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වරායේ තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. ප්‍රශ්නය – දැනට වරායේ තියෙන තදබදයට මොකක්ද ඉක්මනින් ගන්න පියවර ? “මම අවංකව පුද්ගලිකම සටතුවෙන්නේ නැහැ. මේ සතිය තුළදී ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව හැමදෙනාම ඒක කරනවා කියලා පෙන්නේ නැහැ. මම ඒක අවංකව කියන්න ඕනේ. පැය 24ම වැඩකරන්න කියලා කිව්වට සමහර අංගන අලුයම 3.20ට කලින් වැඩ නතරවෙනවා. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කරලා ලොරි එනතුරු හිටියා. නමුත් ලොරි වරාය තුළ තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි බලාපොරොත්තු…

Read More

අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර බෙහෝමයක් ජලයනි යටවී ඇති බවද වාර්තා වේ. මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවය වාර්තා වේ. කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් නොමැත.

Read More

ගාසා සටන් විරාමය ගැන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමට, අභ්‍යන්තරව අවතැන් වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවය. එමෙන්ම පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read More

පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයකු අද (20) අධිකරණයට ඉදිරිපත් කළේය. සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ටල් දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා…

Read More

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි. හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ නීතිවිරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් සහ චැසි අංක යෙදූ ලොරි රථයක් භාවිත කිරීමේ චෝදනාවකට අදාළවය. අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු අමාත්‍යවරයා අනතුරුව හපුතලේ පොලීසියට භාරදී තිබුණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (20) පෙරවරුවේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සුවදුක් විමසීමට උසාවියට පැමිණ තිබුණි.

Read More

එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (19) පස්වරුවේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ අබාධිත ජනතාව ඇතුළු පාර්ශ්ව රැසකට සහන ලබාදීමට සැලසුම් කර ඇති බවය. ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් හොරණ ආසනයේ පාක්ෂික හමුවක් ඊයේ පස්වරුවේ හොරණ පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනහමුව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,…

Read More

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම්දී ඇත. තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා…

Read More