Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»යළි සහල් හිඟයකට ඉඩක් නොමැති බවට ජනපතිගෙන් සහතිකයක්
    Hot News

    යළි සහල් හිඟයකට ඉඩක් නොමැති බවට ජනපතිගෙන් සහතිකයක්

    By LFNJanuary 20, 2025Updated:January 20, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඊයේ (19) පස්වරුවේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ අබාධිත ජනතාව ඇතුළු පාර්ශ්ව රැසකට සහන ලබාදීමට සැලසුම් කර ඇති බවය.

    ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් හොරණ ආසනයේ පාක්ෂික හමුවක් ඊයේ පස්වරුවේ හොරණ පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනහමුව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    “අවුරුදු කීයටද ආණ්ඩුව හදලා තියෙන්නේ. අවුරුදු 5කට. එහෙම නම් අපිට යන්න තියෙන දුර ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ පරාජය වුණාට පස්සේ ඒ කණ්ඩායම් පොඩ්ඩක් කෑ ගහනවා. හැබැයි පොඩි කාලයයි. දැනුත් කට්ටිය කෑ ගහනවා ආණ්ඩුව ස්ථාවර වෙන්න කලින් ඒක අවුල් කරන්න පුළුවන් ද ? වට්ටන්න පුළුවන් කියලා. අපි ඒ අයට කියනවා හැමකෙනාටම හීන දකින්න අයිතිය තියෙනවා. අපිට මාස දෙකක විතර කාලයක් අවශ්‍ය වුණා රට ස්ථාවර කරන්න. ජාත්‍යන්තරව ඒ රාජ්‍යයන්ගේ විශ්වාසය දිනාගන්න ඕනේ. අපි ඒ වැඩේ කරලා නේ තියන්නේ. අර පැරණි කැත, දේශපාලනය සංස්කෘතියක් අපේ රටේ නැවත නිර්මාණය වෙන්නේ නෑ. හාල් හිඟයක් ආවා. අපි පිළිගන්නවා. ප්‍රශ්නේ කොතැනද ? රටක් ඔහේ පාවෙනවා. දත්ත නෑ. කොච්චර හාල් නිෂ්පාදනය කරනවා ද ? කොච්චර පරිභෝජනය කරනවා ද ? කොච්චර හිඟ ද? මම ඔබලාට සහතික කරන්නම් යළි ලංකාවේ එවැනි විකෘති වෙළෙඳපොළක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. මේ මහ කන්නයේ වී තියෙන්නේ පෞද්ගලික අංශයේ විතරක් නෙමෙයි රජය සතුවත් වී තියෙනවා. ස්ථාවර මිලට වඩා රුපියලක්වත් වැඩියෙන් විකුණන්න දෙන්නේ නෑ. රැකගන්න ඕන ප්‍රජාව අපි රැකගන්නවා. එළැඹෙන අයවැයේදී වැඩිහිටි, වකුගඩු, රාජ්‍ය සේවක වැටුප්, මහපොළ ශිෂ්‍යත්ව, ආබාධිත දරුවන්ට ගෙවන දීමනාව යම් ප්‍රමාණයකින් වැඩිකරනවා. අපි සහතික කරලා තියෙනවා 2022 – 2023 වගේ ආර්ථක අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.