Author: LFN

කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ එමගින් ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසුකම් සැලසෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේය. පේරාදෙණිය, බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යංශය ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ අබ්දුල් මොසෙන් මහතා විසින් ඊට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීම සිදුකර තිබුණි.

Read More

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තවත් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ. ඒ අනුව, පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත. එමෙන්ම කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක සහ උප පොලිස් පරික්ෂකවරයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය කඩුගන්නාව පොලීසියටත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස්පරීක්ෂකවරයා වෙලම්බොඩට පොලීසියටද ස්ථාන මාරු ලබා දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ…

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා ඉකුත් සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. එම පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඒ සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More

ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) අදාළ සැකකරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී බැංකු ගිණුමකින් අවස්ථා 03 කදී රුපියල් ලක්ෂ 07ක් තැන්පත් කරවාගෙන කර ගෙන ඇති බව අනාවරණය වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 2024 අගොස්තු 22 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර පොලීසිය විසින් අදාළ ගිණුම් පරීක්ෂාවේ දී සැකකරු හඳුනාගෙන තිබුණි. අදාළ සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහු කටාර් රාජ්‍යයේ…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ. මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07ක් සිදුවී ඇති අතර, ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලිනි. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබේ. මෙම වෙඩිතැබීම් වැලිගම, අත්තිඩිය, බඩෝවිටින්, ගල්කිස්ස, කොහුවල සහ මන්නාරමෙන් වාර්තා විය. පවතින තත්ත්වය හමුවේ වෙඩි තැබීම් මැඩපැවැත්වීම සඳහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්…

Read More

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද අසල අනවසර නිවාස 24ක පදිංචිකරුවන් අධිකරණ නියෝගයක් අනුව ඉවත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ (21) කටයුතු කළේය. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ, මෙම පිරිසට කොළොන්නාව ප්‍රදේශයෙන්ම මහල් නිවාස ලබාදී තිබුණද අදාළ ස්ථානයෙන් ඉවත් නොවූ පිරිසක් සම්බන්ධයෙන් නඩුව ගොනුකර අධිකරණ නියෝගය ලබාගත් බවය. නාගරික සංවර්ධන අධිකාරිය අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක තීන්දුව අනුව එම පිරිස ඉවත් කරන ලෙස නියෝග කර තිබේ.

Read More

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

Read More

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබේ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගනය උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය වසා දැමීමට පියවර ගත්තේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ, අවදානම් සහිත තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේදි මාර්ගය වසා දැමීමට තීරණය කළ බවය.

Read More

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ.

Read More

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ, දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවය. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා පැවසීය. ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය…

Read More