Author: LFN

වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02 ක්ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක් ගම්පහින් රෝගීන් 558ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 95 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨස 22 ක් දිවයිනෙන් හඳුනාගෙන ඇති බවය.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී සමත්විය. අද පස්වරු 12.28ට පමණ ඒකක 17,000 මට්ටම ස්පර්ශ කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණි. මේ අතර අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 12.55 පමණ වන විට එහි අගය ඒකක 17,003.79 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඒ වන විට රු. බිලියන 6.76ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

Read More

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය. ශිෂ්‍යත්වය විභාගය සමග ඇති වූ අර්බුදය හේතුවෙන් අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බව ද අගමැතිවරිය පැවසුවාය. “ඇත්තටම අපි අවාසනාවන්තයි මේකට මෙච්චර කාලයක් ගිය එක ගැන. නමුත් ඒකට හේතුව වුණේ, පහ වසර විභාගය සමග පැන නැඟුණ අර්බුදය සමග ඇති වු උසාවි නියෝගය නිසයි අපිට ප්‍රශ්නපත්‍ර ඇගයීම අත්හිටුවන්න සිදුවුණේ. අපි ඉතා ඉක්මනින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Read More

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇත. පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කරන අතර නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව…

Read More

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙල් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සැකකරු හා සැකකාරිය අද…

Read More

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.…

Read More

ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය. පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ. මෙහිදී සිය කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන්ය. ව්‍යවස්ථානුකූලව පැවරී ඇති…

Read More

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලද පැමිණිලිකරු, වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකරු මෙම අල්ලස් මුදල ගෙන ඇති බව සඳහන් වේ. සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආගමන විගමන බලයලත් නිලධාරීයෙකි. සැකකරුව පසුගිය 20 වනදා පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…

Read More

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය ඊයේ (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි. මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු ඇති.

Read More

විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) සවස් මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සතුව තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ…

Read More