Author: LFN
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය. අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බවද ඔහු පැවසීය.
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි. මහාචාර්යවරයා පැවසුවේ 2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත් ඒ අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගත් බවය. නමුත් 2024 වසර වන විට මෙරට ජනගහනය මිලියන 23 දක්වා වැඩි වී ඇතත් පොල් නිෂ්පාදනය වර්ධනයක් සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම මීට පොල් හිඟට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි මහාචාර්යවරයා පැවසීය. මේ අතර පොල්…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ…
බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරුවෙකු බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇති බවය. තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුරය පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේදී තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකකරුව යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන අස්වැද්දුම, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගන්නා ලද යතුරුපැදිය ඊයේ (24) අනුරාධපුර පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇත. තවද මෙම සැකකරු බාලවයස්කාර දැරියකට ලිංගික අතවර…
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (24) දියත් කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී ය. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර මත්ද්‍රව්‍ය ඇතුලු දේපොළ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන සේනානායක මාවත, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් දේපල ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් මත්පෙති 320ක් මත් මුද්දර 129ක් වායු පිස්තෝල අවි 01ක් කඩු 02ක් පොලිතීන් සීලර්…
වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇත. එහි පළමු තරගය එළැඹෙන 29වනදා ආරම්භ වේ. මෙම ටෙස්ට් තරගාවලියට අමතරව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 2කට ක්‍රීඩාකිරීමටද නියමිත අතර, එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24) දහවල් කාලයේ ගිරානේගම පොලිස් වසමේ උල්පතයාය ප්‍රදේශයේදී ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. එහිදී පුරාවස්තු ස්ථානයක් කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන රන් පැහැති බුදු පිළිමයක්, රන් පැහැති නෙළුම් මලක හැඩති පෙති 24කින් යුත් මලක්, රන් පැහැති බෝපතක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන හල්මිල්ලෑව, ආඬියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගිරානේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි. එහි පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසා සිටියේ, අදාළ වාර්තාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවයි. මේ අතර කොළඹ මහ නගර සභාවේ යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා පැවසීය. මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා…
ආනයනික බහාලුම් නිදහස් කරගැනීමේ ප්‍රමාදය සහ තදබදය නිසා පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කෙරුණු බහාලුම් 323ට අදාළ වගකීම රජය භාරගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. “නිර්ණායක අනුව තමයි මේ වැඩේ කරන්නේ. මේ කියන තුන්සිය ගණනත් එළියට දැම්මේ තුන්දෙනෙකුගේ කමිටුවක් හරහා. වරායට එන කන්ටේනර් 2000ම අපිට කවදාවත් පරීක්ෂා කරලා එළියට දාන්න බැහැ. ඒ නිසා අපි යම්කිසි ප්‍රමාණයක් නිදහස් කරනවා. අලුත් අංගනවලට යන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ” මේ පිළිබඳ සමාජයේ කතාබහක් මතුවූයේ පසුගියදා රේගු වෘත්තීය සමිති සන්ධානය සිදුකළ අනාවරණයත් සමගය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් විය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා භාරදී තිබූ එක් පුද්ගලයෙකුගේ නාමයෝජනාවක් මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළැඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. එහි සභාපතිධුරය වෙනුවෙන් වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී තිබේ. එම තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් සෙසු අය වන්නේ එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන අයයි. කෙසේ නමුත් සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල…